Top News

5G සංඛ්‍යාත වෙන්දේසිය පිළිබඳ දැනුම් දීමක්

අද (03) දින තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ දී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී, 2025 සංඛ්‍යාත වෙන්දේසිය සඳහා අවශ්‍ය 5G අවසාන පැවරීම පිළිබඳ නිවේදනය (Notice of Assignment – NoA) ප්‍රකාශයට පත් කරන ලදී. මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරතන, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සභාපති වරුන ධනපාල, විදුලි සංදේශ නියාමන…

(0)Comments | October 3, 2025 4:47 pm

ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන මූල්‍ය අධීක්ෂණ කාරක සභා අතර සාකච්ඡා

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් 2025.09.25 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ. අනතුරුව  කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර; රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ…

(0)Comments | October 3, 2025 4:27 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් පසුකරයි

ඉතිහාසයේ මුල් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 ඉක්මවද්දී අද රු. බිලියන 10ට ආසන්න පිරිවැටුමක් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකමින්. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී ඒකක 22,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක…

(0)Comments | October 3, 2025 3:31 pm

ජාතික ඉතිරිකිරීමේ බැංකුව මහා භාණ්ඩාගාරයට රු. බිලියන 6ක ලාභාංශයක් ප්‍රදානය කරයි

රටේ ප්‍රමුඛතම රාජ්‍ය ඉතුරුම් බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 6 ක ලාභාංශයක් අනුමත කර ඇත. 2024 වසර සඳහා රුපියල් බිලියන 28.5 ක බදු පෙර ලාභයක් (PBT) සහ 2025 වසරේ පළමු භාගය සඳහා රුපියල් බිලියන 25.5 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කරමින්…

(0)Comments | October 3, 2025 11:58 am

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 22,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) පෙරවරුවේ දී ඒකක 22,000 සීමාව ඉක්මවීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ. ඒ වන…

(0)Comments | October 3, 2025 11:18 am

ලෝක ළමා දිනයේදී ගුවන සිසාරා ඇඳුණු දරුවන්ගේ සිහින

ශ්‍රීලංකන් ගුවන් සේවය, දෙරණ සහ සිග්නල් එක්ව දරුවන්ට පුද දුන් අමිල තිළිණයක් ශ්‍රීලංකන් ගුවන් සේවය ඔක්තෝබර් 01 දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් පිරිසකට ප්‍රථම වරට ගුවන් ගමනක අත්දැකීම ලබාදීමට කටයුතු කළේය. ඒ IdeaHell සංකල්පයකට අනුව ටීවී දෙරණ සහ යුනිලීවර් එක්ව සංවිධානය කළ ‘දෙරණ – සිග්නල් අහසින් ගමනක්’ වැඩසටහනේ කොටසක් වශයෙනි. මේ යටතේ දීපව්‍යාප්තව…

(0)Comments | October 3, 2025 9:08 am

ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව (ITLS) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ලෝක සංචාරක දින සැමරුමට සමගාමීව පළාත් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පාසල් තරග, පර්යේෂණ සංසද සහ කර්මාන්ත ප්‍රදර්ශන ආදී වශයෙන් සැප්තැම්බර් මාසය පුරා පැවති වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් මෙම සමුළුව සංවිධානය කර තිබිණ….

(0)Comments | October 3, 2025 8:47 am

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025-2029 සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2025-2029 සකස් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත. මෙය රටේ අපනයන තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට යොමු වූ උපායමාර්ගික මුලපිරීමකි. මෙම ආරම්භක උපදේශන සැසිය ඊයේ (02) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. රජයේ සහ…

(0)Comments | October 3, 2025 8:31 am

ප්ලාස්ටික් වතුර බෝතල් සහ Feeding Bottles සඳහා SLS අනිවාර්ය කෙරේ

කුඩා දරුවන් සහ පාසල් ළමුන් විසින් බහුලව භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතල් සහ ළදරුවන්ට ආහාර ලබාදෙන බෝතල් (Feeding Bottles) සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයක පියවරක් ලෙස සිදුකරන ලද රසායනාගාර පරික්ෂණවලට අනුව, ඒවායේ බිස්පෙනෝල් A (BPA) සහ තැලේට් (Phthalates) වැනි ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිත මට්ටම්වලින් පවතින බවට අනාවරණය වී ඇත….

(0)Comments | October 2, 2025 4:37 pm

ශ්‍රී ලංකාවේ සිව්වැනි තැනට විශාලතම ලැයිස්තුගත සමාගම බවට ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් ලැයිස්තුවේ විශාලත්වය අනුව සිව්වැනි ස්ථානයට පැමිණීමට ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමත්ව තිබේ. අද (02) දිනයේ දී එම සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 58.70 ක් ලෙසින් සටහන් වූ අතරඒ අනුව රු. බිලියන 270.02ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමින් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, අදාල ලැයිස්තුවේ සිව්වැනි තැන පසුවේ….

(0)Comments | October 2, 2025 4:33 pm

Video Story

Stock Market

Exchange Rates