Top News

Port City Colombo වෙත ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් ඕමානයේ දී ඉහළ පෙළේ සාකච්ඡා මාලාවක්

කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත ඕමාන ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින්, මස්කට් නුවර දී ඉහළ පෙළේ සාකච්ඡා මාලාවක් පවත්වා ඇත. මෙම වැඩසටහන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ CHEC Port City Colombo (Pvt) Ltd ආයතනය විසින් ඕමාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ…

(0)Comments | July 21, 2026 11:54 am

රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව ඇරඹේ

රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව” ඊයේ (20) කොළඹදී ආරම්භ විය. මෙම තෙදින වැඩමුළුව එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කටයුතු දෙපාර්තමේන්තුව (UN DESA) යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සහ ඩිජිටල් රාජ්‍ය පාලන අංශය (DPIDG), එහි රාජ්‍ය පාලනය පිළිබඳ ව්‍යාපෘති…

(0)Comments | July 21, 2026 10:20 am

මහ බැංකුව බැංකු හා මූල්‍ය සමාගම් ඇතුළු ආයතන 11කට රු. මිලියන 14.6ක දඩ නියම කරයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට…

(0)Comments | July 20, 2026 6:35 pm

කොටස් වෙළෙඳපොළ අද ඒකක 197කින් පහළට. පිරිවැටුම රු. බිලියන 2.6 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන කඩාවැටීමක් අද (20) දිනයේ දී වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.31කින් සහ S&P SL20 දර්ශක අගය ඒකක 56.46කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,208.10ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,943.22ක් ලෙසත් වාර්තා වී තිබුණි. දිනය…

(0)Comments | July 20, 2026 3:48 pm

ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ සහයෝගීතාව ශක්තිමත් කරමින් ‘Visa ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 2026’ සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ සයිබර් තර්ජනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සාමූහික ක්‍රියාමාර්ග සහ දිනෙන් දින වෙනස් වන සයිබර් තර්ජන පිළිබඳව සංවාදයක නිරත වීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ‘visa ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 2026’ පසුගියදා පැවැත්වීය. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, නියාමන ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයින් රැසක්…

(0)Comments | July 20, 2026 2:48 pm

කොළඹ වරායේ SAGT පර්යන්තය නවීකරණයට සහ හරිත මෙහෙයුම් සඳහා IFC සහ HSBC වෙතින් ඩොලර් මිලියන 40ක මූල්‍ය පහසුකම්

ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC බැංකුව එක්ව, කොළඹ වරායේ SAGT පර්යන්තය නවීකරණය කිරීම සහ එහි මෙහෙයුම් හරිතකරණය (Decarbonize) කිරීම සඳහා ඩොලර් මිලියන 40ක් දක්වා වූ ආයෝජනයක් සිදු කිරීමට පියවර ගෙන ඇත. මෙම ආයෝජනය හරහා කොළඹ වරාය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස පවතින ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය. මෙම…

(0)Comments | July 20, 2026 1:48 pm

හිතාමතා බදු නොගෙවා සිටින්නන්ට එරෙහිව අපරාධමය නඩු 

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත 2026 ජූලි 03 වන දින සිට බලාත්මක වේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, එම සංශෝධන පනත මඟින් ඇතැම් ආදායම් බදු අනුකූලතා අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වන තැනැත්තන්ට එරෙහිව අපරාධමය නඩු පැවරීමේ ක්‍රියාමාර්ග…

(0)Comments | July 20, 2026 1:28 pm

ලංකා IOC සමාගමේ ලාභය 34%කින් පහළට

මෙරට ඉන්ධන වෙළෙඳාමේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC  පීඑල්සී, 2026 ජූනි 30න් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය ප්‍රකාශ නිකුත් කර තිබේ. මෙම මූල්‍ය ප්‍රකාශවලට අනුව අදාළ කාර්තුව වෙනුවෙන් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභයරු. බිලියන 1.52ක් ලෙසින් සටහන් වේ. කෙසේවෙතත් මෙය 2025 වර්ෂයේ ජූනි කාර්තුවේ දී සමාගම වාර්තා කළ රු. බිලියන 2.32ක බදු පසු ලාභය…

(0)Comments | July 20, 2026 12:25 pm

2027 ශ්‍රී ලංකා එක්ස්පෝ ප්‍රදර්ශනයට ස්වීඩන වෙළඳ දූත පිරිසක් රැගෙන ඒමට ස්වීඩන තානාපතිවරයා සහතික වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) වෙත ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති Jan Thesleff මහතා පසුගියදා නිල හමුවක් සඳහා පැමිණියේය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ස්වීඩන කොන්සල් ජනරාල් සංජය කුලතුංග මහතා ද මෙම සාකච්ඡාවට එක්විය. මෙම හමුවේදී…

(0)Comments | July 20, 2026 11:48 am

ද්විපාර්ශවික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය එරට ආයෝජන ප්‍රධානියා හමුවෙයි

කෙන්යාවේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් රුවිනි ද සිල්වා මහත්මිය, පසුගිය (15) දා එරට ආයෝජන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී John Mwendwa මහතා හමු වී තිබේ. ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ද්විපාර්ශවික වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම හමුවේ දී සාකචඡාවට බඳුන් වී ඇති බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටී.

(0)Comments | July 20, 2026 11:38 am