Top News

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක් අද (23) දිනයේ ගනුදෙනු අවසානයේ දී දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 49.81කින් ඉහළ ගොස් ඒකක 21,199.37ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 13.25කින් ඉහළ ගොස් ඒකක 5,945.87ක් ලෙසින් සටහන් විය. අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 1.07ක් ලෙසයි.

(0)Comments | July 23, 2026 6:28 pm

ඩී පී ලොජිස්ටික්ස් සමාගමට ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් ලෙස නව මුහුණුවරක්

ආසියානු සහ මැද පෙරදිග ඇතුළු ගෝලීය වෙළෙද පොළට පිවිසීමේ සැළසුම් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික්ස් ව්‍යාපාර ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, එහි අනුබද්ධිත සමාගමක් වන ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, නිල වශයෙන් ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙස සිය නාමය වෙනස් කළ බව සමාගම නිවේදනය කර සිටියි. මෙම වෙනස් කිරීම මඟින් ඩේවිඩ් පීරිස් සමූහයේ ලොජිස්ටික්ස් සේවා අංශය ශ්‍රී…

(0)Comments | July 23, 2026 11:27 am

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙස ශාන්ත බණ්ඩාර නැවතත් තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) 65 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී, එම මණ්ඩලයේ 2026/27 වාරය සඳහා වන නව සභාපතිවරයා ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා නැවත වරක් තේරී පත් විය. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, රජයේ නියෝජිතයන්, සෞඛ්‍ය…

(0)Comments | July 23, 2026 11:17 am

SLIATE ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව COPE අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක…

(0)Comments | July 23, 2026 9:17 am

පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ජාතික ක්‍රියාවලියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි උපායමාර්ගික පියවරයන් තීරණය කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ජූලි 21 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය මධුර සෙනෙවිරත්න මහතා, ඩිජිටල්…

(0)Comments | July 23, 2026 9:07 am

ඩොලර් මිලියන 750කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer – TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750කට (රුපියල් බිලියන 214.7කට පමණ) සමාන මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය. ආනයන හා…

(0)Comments | July 22, 2026 4:54 pm

මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක්. පිරිවැටුම රු. බිලියන 3 1/2 පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (22) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.83ක සුළු වර්ධනයක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 12.39ක සුළු පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,149.56ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,932.62ක් ලෙසත්…

(0)Comments | July 22, 2026 4:30 pm

හයට් හෝටලයේ රු. බිලියන 5ක EPF ආයෝජනයට වෙච්ච දේ මෙන්න

‘ග්‍රෑන්ඩ් හයිට්, කොළඹ’ ව්‍යපෘතිය සිදුකරනු ලැබූ සමාගම වන කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ කොටස් මිලියන 500ක ආයෝජනයක් කිරීමට සේවක අර්ථසාධක අරමුදල කටයුතු කර තිබුණි. වාර්තා වන අන්දමට අදාළ ආයෝජනයේ වටිනාකම රු. බිලියන 5කි. කෙසේවෙතත් 2025 වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකර ඇති ලැයිස්තුගත නොවන සමාගම් ආයෝජනයන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී අදාළ ලේඛනවල…

(0)Comments | July 22, 2026 3:35 pm

2026 මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි

2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට…

(0)Comments | July 22, 2026 2:44 pm

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ පහසුකම් පුළුල් කිරීමට JKCG Auto සහ Green EV අත්වැල් බැඳගනී

BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින් වෙනුවෙන් වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා Green EV සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා දෙපාර්ශවය විසින් පසුගියදා නිල වශයෙන් අත්සන් තබන…

(0)Comments | July 22, 2026 2:32 pm