Top News

PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම මැයි 15 සිට ඇරඹේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. වසර ගණනාවක් පුරා මෙරට ව්‍යාපාරික ප්‍රජාව, තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සහ නිදහස් සේවකයින් විසින් සිදුකළ ඉල්ලීම් සහ ඔවුන්ගේ බලවත් අවශ්‍යතාවය සැලකිල්ලට…

(0)Comments | May 8, 2026 8:34 am

කොටස් වෙළෙඳපොළ අද රජ ගමනක. ඒකක 258කින් ඉහළට. පිරිවැටුම රු. බිලියන 5 ඉක්මවයි

ප්‍රධාන මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමත් සමඟින් කොළඹ කොටස් වෙළෙඳපොළ අද (07) දිනයේ දී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 258.09කින් ඉහළ ගොස් ඒකක 22,997.86ක් ලෙසින් වාර්තා වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 47.13කින් ඉහළ ගොස් ඒකක 6,292.26ක් ලෙසින් වාර්තා වුණි. අද දින රු. බිලියන 5.28ක් ගනුදෙනු පිරිවැටුමක් වාර්තා…

(0)Comments | May 7, 2026 4:32 pm

SelectUSA ආයෝජන සමුළුවට ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින් 14ක් ඇමරිකාවට

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති Select USA ආයෝජන සමුළුව සඳහා මෙතෙක් සහභාගී වූ විශාලතම නියෝජිත පිරිස මෙවර සහභාගී වී තිබේ. මෙම වසරේ Select USA ආයෝජන සමුළුවට සහභාගී වන විශාලතම ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ලෙස, ව්‍යවසායකයින් හා ව්‍යාපාරික නායකයින් 14 දෙනෙකු මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිටිමින් සබඳතා ජාල ගොඩනඟමින්, ආයෝජන අවස්ථා ගවේෂණය කරමින් සහ ශක්තිමත්…

(0)Comments | May 7, 2026 2:27 pm

බොරතෙල් මිල ඩොලර් 100න් පහළට

ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (07) දිනයේ දී ඩොලර් 100 මට්ටමින් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය වේ. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 පමණ වන විට WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.56ක් දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.86ක් දක්වාත් පහළ ගොස් තිබුණු අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.20ක් දක්වා…

(0)Comments | May 7, 2026 1:58 pm

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කරමින්, කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර විශේෂ ව්‍යාපාරික හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. මෙම රැස්වීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්…

(0)Comments | May 7, 2026 1:31 pm

ඩොලරය රු. 320 පනී

එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය 2024 ජනවාරි 23 දිනෙන් පසු ප්‍රථම වතාවට අද (07) දිනයේ දී රු. 320 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද දින ඩොලරයේ මධ්‍ය අගය රු. 320.45ක් ලෙසින් සටහන්ව ඇත. මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 317.26ක් සහ විකුණුම් මිල රු. 324.87ක් ලෙසින් වාර්තා වේ. මෙලෙස ඩොලරයේ ගැනුම් මිල…

(0)Comments | May 7, 2026 11:55 am

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය කඩා වැටීමට ආසන්නයි. නොගෙවූ රු. බිලියන 10ක හිඟ මුදල් කර්මාන්තයේ පැවැත්මට බලවත් තර්ජනයක්

ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම විසින් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් කර්මාන්තය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීමට රජය මැදිහත් නොවන්නේ නම්, දේශීය පුනර්ජනනීය බලශක්ති අංශය ස්වභාවික මිය යෑමකට මුහුණ දෙනු ඇති බව ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ ඉහළම ආයතනය සහ ලංකා වානිජ මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් වන පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය අනතුරු අගවයි. ජාතික විදුලිබල පද්ධතියට…

(0)Comments | May 7, 2026 11:12 am

ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල දරුවන්ගේ යහපැවැත්ම අරමුණු කරගත් ජාතික සත්කාරයක් වෙනුවෙන් අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමූහ ව්‍යාපාරයක් වන JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) තම සමාජ මෙහෙවර අරමුණු කරගත්  ආයතනය වන ජනශක්ති පදනම හරහා, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹීමට කටයුතු කළේය. ජාතික අරමුදලක් සහ පෞද්ගලික සමාගමක් අතර මෙබඳු සහයෝගීතාවයක්  ඇතිවීම දුර්ලභ සහ වැදගත් සිදුවීමක් වන…

(0)Comments | May 6, 2026 6:23 pm

ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ සහාය

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු හා රාජ්‍ය සේවකයින්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි. රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය…

(0)Comments | May 6, 2026 6:16 pm

කොටස් වෙළෙඳපොළ ඉහළට. පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

අද (06) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 22,739.77ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 31.89කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,245.13ක් ලෙසින් සටහන්…

(0)Comments | May 6, 2026 5:36 pm