දැනටමත් ශ්රී ලංකාවේ පරිශීලකයින්හට අක්වෙරළ හුවමාරු සහ පුද්ගලයන් අතර ඍජුව සිදු කෙරෙන ගනුදෙනු මඟින් අවිධිමත් මාර්ගගත වේදිකා හරහා අතථ්ය වත්කම් (Virtual Assets) එනම්, ‘ක්රිප්ටෝ’ ව්යවහාර මුදල් වැනි ඩිජිටල් ආකාරයෙන් වෙළෙඳාම් කළ හැකි හෝ මාරු කළ හැකි ගෙවීම් හෝ ආයෝජන අරමුණු සඳහා භාවිත කළ හැකි වටිනාකමකින් යුත් ඩිජිටල් නිරූපණ වෙත ප්රවේශවීමේ හැකියාව පවතී. එම වේදිකාවන් සම්පූර්ණයෙන්ම…
කොළඹ 07 සිය ප්රමුඛතම ODEL Mall ව්යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව පවතින විවිධ ප්රචාරයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ODEL PLC සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල දැනුම් දීමක් කර තිබේ. සමාගම විසින් සිදු කරන ලද මෙම ආයතනික අනාවරණයට අනුව, මීට පෙර කලාප දෙකකින් (Zone 1 සහ 2) සමන්විතව සැලසුම් කර තිබූ මෙම මිශ්ර සංවර්ධන ව්යාපෘතියේ…
‘Maldivian’ (Q2) නමින් මෙහෙයුම් කටයුතු සිදු කරන Island Aviation Services සමඟ ඇති කරගත් අන්තර්–ගුවන් සේවා ගිවිසුමක් (interline agreement) මගින් ශ්රීලංකන් ගුවන් සේවය සිය කලාපීය ගුවන් මෙහෙයුම් ශක්තිමත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් ශ්රීලංකන් ගුවන් සේවයේ මගීන්ට මාලදිවයින පුරා පිහිටි ප්රධානතම දේශීය ගමනාන්ත 17ක් වෙත පහසුවෙන් ප්රවේශ වීමට අවස්ථාව සැලසේ. මෙම නව හවුල්කාරිත්වය අනුව, ගුවන් මගීනට…
හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය (HIPG) සිය වාහන රඳවා ගැනීමේ ප්රතිපත්තිය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ මාධ්ය වාර්තා පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ. වරාය තුළ දැනට ප්රතිඅපනයනය (transhipment) සඳහා සහ දේශීය අවශ්යතාවයන් වෙනුවෙන් ආනයනය කරන ලද වාහන 50,000කට අධික ප්රමාණයකට පහසුකම් සපයා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. මින් වාහන 1,278ක් පමණ මාස තුනකට වැඩි කාලයක් වරාය අංගනයේ…
Pelwatte Dairy Industries Limited හි අනුබද්ධිත සමාගමක් වන Pelwatte Foods (Pvt) Limited විසින් සිය කිරි නිෂ්පාදන මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් කුරුණෑගල පිහිටි සිය නවතම දියර කිරි නිෂ්පාදනාගාරයේ (Greenfield Liquid Milk Manufacturing Facility) ඉදිකිරීම් කටයුතු සඳහා පසුගිය දා මුල් ගල තබන ලදී. එය සනිටුහන් කරමින් නිෂ්පාදනාගාරයේ මුල්ගල තැබීමේ උත්සවය නිල වශයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස එදින පැවැත්විණි….
කඩිනම් රාජ්ය මැදිහත්වීමක් අවශ්ය බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කියයි ඉහළ වටිනාකමක් ඇති කෘෂි බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම ශ්රී ලංකාවේ කෘෂි ආර්ථිකයට බරපතළ තර්ජනයක් බවට පත්ව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනයකින් තොරව දිගින් දිගටම පැවතුණහොත් කෘෂික¾මාන්තයට නව ආයෝජන පැමිණීම අඩාල වී, මෙරට කෘෂි අපනයනවල තරගකාරීත්වය දුර්වල වීමත් අනෙක් අතට ගොවීන්ගේ සහ…
ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙරට ක්රියාත්මක වන ඉදිකිරිම් ව්යාපෘතිවල මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන්, කම්කරු අමාත්ය සහ මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ පැවැත්විණ. එහිදී ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්රියාත්මක වන ඉදිකිරිම් ව්යාපෘතිවල ගැටලු සහ ඒ්වා…
2026 වසරේ මේ දක්වා ශ්රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්යාව දහතුන් ලක්ෂයේ කඩඉම පසුකර ඇති බව වාර්තා වේ. ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්යාලේඛනවලට අනුව පසුගිය ජූලි 22 වන විට 1,285,303ක විදෙස් සංචාරකයින් ප්රමාණයක් මෙරටට පැමිණ තිබුණු අතර දහතුන් ලක්ෂයේ ඉඩඉම සපුරාලීම සඳහා අවශ්යව තිබුණේ තවත් සංචාරකයින් 14,697ක ආගමනය පමණි. ඒ අනුව ඊයේ…
ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 පමණ වන විට ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් කැපීපෙනෙන ලෙස පහළට පැමිණ තිබුණි. ඒ වන විට ගෝලීය නිර්ණායක ලෙස සැලකෙන බ්රෙන්ට්, WTI සහ මර්බන් යන බොරතෙල් වර්ග තුනෙහිම බැරලයක මිල, ඩොලර් 90 මට්ටමින් පහළට පැමිණ ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිවිය. ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.99ක් ලෙසත්…
මැදපෙරදිග යුධමය වාතාවරණය තාවකාලික සමනය වීමක් පෙන්නුම් කිරීමත් සමඟම ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (27) වාර්තා විය. මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමගම ගෝලීය ඉන්ධන මිල සහ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අතර පැහැදිලි ප්රතිලෝම සහසම්බන්ධයක් නිරන්තරයන් නිරීක්ෂණය කළ හැකි වූ අතර ඊට තවදුරටත් සාක්ෂි සපයමින් අද දිනයේ දීද කොටස් වෙළෙඳපොළ මිල…
Video Story