July, 27, 2026
2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහතුන් ලක්ෂයේ කඩඉම පසුකර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය ජූලි 22 වන විට 1,285,303ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබුණු අතර දහතුන් ලක්ෂයේ ඉඩඉම සපුරාලීම සඳහා අවශ්‍යව තිබුණේ තවත් සංචාරකයින් 14,697ක ආගමනය පමණි.
ඒ අනුව ඊයේ (26) දින වන විට එම කඩඉම සපුරා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (27) පස්වරුවේ නිකුත් කරනු ලැබූ නිල සංඛ්‍යාලේඛන තහවුරු කර සිටී.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2026 ජූලි 26 වන විට මෙම වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,313,974ක් බවයි.


