Top News

NDB බැංකුව සෙලාන් බැංකුවට සමුදෙයි

සෙලාන් බැංකුවේ 5 වෙනි තැනට විශාලතම කොටස් හිමියා වූ NDB බැංකුව, තමන් සතුව පැවති සෙලාන් බැංකුවේ 8.72%ක කොටස් හිමිකාරීත්වය අද (11) දිනයේ දී අලෙවි කර ඇති බව වාර්තා වේ. ඒ අනුව NDB බැංකුව සතුව පැවති සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි 26,631,495ක කොටස් ප්‍රමාණයක් අද දිනයේ දී හුවමාරු වී තිබේ. මෙහිදී එක් කොටසක් රු. 104.00 බැගින්…

(0)Comments | May 11, 2026 11:36 am

2026 මුල් මාස 04 දී රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 3 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත ජනපද ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2026 අප්‍රේල් මාසයේ දී මෙරටට ගලා ආ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් 767.9ක් වන අතර ඒ සමඟම 2026 මුල් මාස 04 තුළ සමස්ත ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,062.8ක් දක්වා ඉහළ ගොස් ඇත….

(0)Comments | May 11, 2026 9:36 am

City of Dreams Sri Lanka හි Nüwa අභිමානවත් 5-Star තත්වය හිමි කර ගනියි

සියලු පහසුකම්වලින් සපිරි දකූණු ආසියාවේ පළමු ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තය වන City of Dreams Sri Lanka හි ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන Nüwa පසුගියදා සිය ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ ලොව පිළිගත් 5-Star පිළිගැනීම තමන් සතු කර ගනිමිනි. එම සුවිශේෂී කඩඉම සැමරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හා උත්සවයක් සංවිධානය කරමින් කලාපයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී…

(0)Comments | May 11, 2026 9:19 am

ශ්‍රී ලංකා – වියට්නාම සහයෝගීතාව ශක්තිමත් කරමින්, Vietjet Air කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ගුවන් සේවාවක් ආරම්භ කරයි

වියට්නාමයේ නවීන මුහුණුවරක් ගත් දෙමුහුන් (hybrid) ගුවන් සේවාවක් වන වියට්ජෙට් එයාර්, කොළඹ සිට හෝ චි මිං නගරය දක්වා  සිය සෘජු  ප්‍රථම ගුවන් සේවාව දියත් කරන බව ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගීතා සංසදයේදී නිවේදනය කළේය. මෙම නිවේදනය, වියට්නාමයේ මහා ලේකම් සහ ජනාධිපති තෝ ලම්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ දෙරටේ ජ්‍යෙෂ්ඨ…

(0)Comments | May 9, 2026 2:53 pm

කොටස් වෙළෙඳපොළ ඒකක 23,000 යළි පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,000 සීමාව යළිත් වරක් පසුකර යාමට අද (08) දිනයේ දී සමත්විය. මැදපෙරදිග අර්බුදය ආරම්භ වීමෙන් පසු 2026 මාර්තු 03 වන දින ඒකක 1,290කින් සියලු කොටස් කොටස් මිල දර්ශකයේ කඩා වැටීමත් සමග සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,000 මට්ටමින් මෙපිටට පැමිණි අතර ඉන් අනතුරුව එම සීමාව…

(0)Comments | May 8, 2026 5:55 pm

එමිරේට්ස් සමූහයට 2025-26 වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක වාර්තාගත ලාභයක්

2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාභය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 24.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.6) ක වාර්තාගත ලාභයක්  අත්කරගෙන ඇත. එය…

(0)Comments | May 8, 2026 3:49 pm

රුපියල මත පීඩනය තවදුරටත් ඉහළට. ඩොලරය රු. 321 පනී. විකුණුම් මිල රු. 325 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දිනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.86ක් ලෙසත් විකුණුම් මිල රු. 325.53ක් ලෙසත් සටහන් වී තිබේ. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 325 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 22 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දීය. මේ…

(0)Comments | May 8, 2026 12:12 pm

Dr. Fridtjof Nansen පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ සමුද්‍රීය විද්‍යාත්මක සමීක්ෂණය සම්පූර්ණ කර කොළඹින් පිටත්වෙයි

ශ්‍රී ලංකාවේ සාගර දැනුම් පදනම ශක්තිමත් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක අවසානය සනිටුහන් කරමින් Dr. Fridtjof Nansen පර්යේෂණ නෞකාව දේශීය මුහුදු තීරයේ සමුද්‍රීය විද්‍යාත්මක සමීක්ෂණයක් සාර්ථකව සම්පූර්ණ කර කොළඹින් පිටත්විය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ නෝර්වේ රාජ්‍යයේ EAF-නැන්සන් වැඩසටහනේ (EAF-Nansen Programme) කොටසක් ලෙස, මෙම නෞකාව මත්ස්‍ය සම්පත, සමුද්‍රීය පරිසර පද්ධති සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන්…

(0)Comments | May 8, 2026 11:45 am

2026දීත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 22%ක් දරිද්‍රතා මට්ටමින් පහළ සිටින්නේ ඇයි?

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ සංවාදයක ඇසුරින් සකස් කළ ලිපියකි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දරිද්‍රතාවයට යටත් වී සිටීම, ආර්ථික වර්ධනය හා සමාජ…

(0)Comments | May 8, 2026 11:16 am

විදෙස් සංචිතය යළි ඩොලර් බිලියන 7න් පහළට

2026 අප්‍රේල් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම නැවත වරක් ඩොලර් බිලියන 7 මට්ටමින් පහළට පැමිණ තිබේ. ඒ අනුව 2026 මාර්තු මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 7,026ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය 2026 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා 3.8%කින් පහළ ගොස් ඇත. සංචිත වත්කම්…

(0)Comments | May 8, 2026 10:24 am