පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක්

    July, 23, 2026

    ශ්රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ජාතික ක්රියාවලියෙහි ප්රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි උපායමාර්ගික පියවරයන් තීරණය කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ජූලි 21 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න, අධ්යාපන සහ උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය,අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
    මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් කාර්ය සාධක බලකාය, අග්රාමාත්ය කාර්යාලය, අධ්යාපන අමාත්යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, GovTech ආයතනය, ශ්රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්රී ලංකා ටෙලිකොම් (SLT) සහ ඩයලොග් (Dialog) යන දේශීය විදුලි සංදේශ සේවා සම්පාදක ආයතනවල ජ්යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටි අතර, රාජ්ය හා පෞද්ගලික අංශ අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව අධ්යාපනික තාක්ෂණික යටිතල පහසුකම් වර්ධනය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
    මෙහිදී ප්රධාන වශයෙන්ම දිවයින පුරා පිහිටි සියලුම පාසල් වෙත ෆයිබර් (Fiber) තාක්ෂණය ඔස්සේ අධිවේගී අන්තර්ජාල සබඳතාව ලබා දීමේ වැඩපිළිවෙළෙහි වත්මන් ප්රගතිය විමසා බලන ලදී. එසේම භූගෝලීය හෝ තාක්ෂණික බාධා හේතුවෙන් ෆයිබර් පහසුකම් ලබා දීමට අපහසු පාසල් හඳුනාගෙන, ඒවා සඳහා විකල්ප අන්තර්ජාල සම්ප්රේෂණ ක්රමවේදයන් (Alternative Connectivity Solutions) ලබා දීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මීට අමතරව දිවයිනේ ද්විතීයික පාසල් 6,000 කට අධික ප්රමාණයක් අන්තර්ජාලය හරහා ජාතික ඩිජිටල් පද්ධති හා ඉගෙනුම් වේදිකා සමඟ බද්ධ කිරීමේ පාසල් අන්තර්ජාල ව්යාපෘතිය (School Internet Project) වේගවත් කිරීමට තීරණය විය.
    අධ්යාපන ක්ෂේත්රයේ තාක්ෂණික පරිවර්තනය ශක්තිමත් කරමින්, පාසල් සඳහා දුරස්ථ ඉගෙනුම් කළමනාකරණ පද්ධති (Distant Learning Management Platforms) ස්ථාපිත කිරීම සහ ස්මාර්ට් පන්ති කාමර පහසුකම් (Smart Classrooms) පුළුල් කිරීම කෙරෙහි ද සාකච්ඡාවේදී ප්රමුඛතාව හිමි විය. එමෙන්ම අධ්යාපනික දත්ත කළමනාකරණය විධිමත් කිරීම උදෙසා ජාතික අධ්යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) සංවර්ධනය කිරීම සහ ජාතික ඉගෙනුම් ද්වාරය වන 'ඊ-තක්සලාව' (e-Thaksalawa) නූතන තාක්ෂණික අවශ්යතාවලට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලදී. මෙම සියලු ඉදිරි සංවර්ධන කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම වෙනුවෙන් අධ්යාපන අමාත්යාංශය සහ GovTech ආයතනය අතර ඉදිරියේදී ගිවිසුම්ගත වීමට ද මෙහිදී එකඟතාව පළ විය.
    තවද, ඩිජිටල් අධ්යාපන ප්රවේශය පුළුල් කිරීමට සමාන්තරව දරුවන්ගේ සබැඳි ආරක්ෂාව (Online Child Safety) තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි. වර්තමානයේ සමාජයීය අභියෝගයක් බවට පත්වෙමින් තිබෙන Online Gambling Addictions සහ ඒ හා සබැඳි ගැටලුවලින් සිසු පරපුර මෙන්ම මුළු මහත් සමාජයම ආරක්ෂා කරගැනීම උදෙසා ගනු ලබන ආරක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළවල් පිළිබඳව ද අදාළ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය.