Top News

ඩොලරයේ උච්ඡාවචන හමුවේ උන්ඩියල්, හවාලා ක්‍රමවල වර්ධනයක් සිදුවෙලා ද?- මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ දක්නට ලැබුණු සීඝ්‍ර වර්ධනයත් සමඟ විනිමය වෙළෙඳපොළ තුළ ඇති වූ අස්ථාවරත්වය හමුවේ, පසුගිය මාස කිහිපය තුළ උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් විනිමය හුවමාරු මාධ්‍යයන් හි යම් වර්ධනයක් සිදුව ඇත්දැයි, අද දෙරණ Business විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් සිදුකළේය. එහිදී අධිපතිවරයා සඳහන් කළේ, පවතින…

(0)Comments | July 22, 2026 2:01 pm

Unity Plaza දේපළ හිමි සමාගමේ දැවැන්ත කොටස් ගනුදෙනුවක්

කොළඹ 04 Unity Plaza ගොඩනැගිල්ල සහ දේපළ හිමි සමාගම වන ON’ALLY HOLDINGS PLC සමාගමේ දැවැන්ත කොටස් ගනුදෙනුවක් අද (22) පෙරවරුවේ වාර්තා වී තිබේ. වාර්තා වන අන්දමට ON’ALLY HOLDINGS PLC සමාගමේ 50.886%ක පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලැබූ LANKA REALTY INVESTMENTS PLC විසින් සිය කොටස් හිමිකාරීත්වය විකුණා ඇත. එහිදී කොටස් 47,325,368ක් එකක් රු. 47.80 බැගින් ගනුදෙනු වී…

(0)Comments | July 22, 2026 11:00 am

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග සේවායෝජකයන්ගේ සම්මේලනයේ සභාපති ධූරයට

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍ර රැසක සේවායෝජකයන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සංවිධානය වන ශ්‍රී ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනයේ (EFC) සභාපතිවරයා ලෙස පත් කර ඇත. මනතුංග මහතාගේ මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඔහු ලබා දී ඇති නායකත්වය සඳහා හිමි වූ වැදගත් ඇගයීමක් වන අතර, ජාතික ආර්ථික…

(0)Comments | July 22, 2026 10:28 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි – මහ බැංකුව

ඊයේ (21) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 8.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මීට පෙර පසුගිය මැයි 25 දින මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී එවකට පැවති එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight…

(0)Comments | July 22, 2026 7:42 am

කාගිල්ස් කොටස් ගනුදෙනුවෙන් අද පිරිවැටුම රු. බිලියන 3 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (21) දිනයේ දී පහළ යාමක් වාර්තා කළ ද පසුගිය දිනවලට සාපේක්ෂව දෛනික පිරිවැටුමෙහි වාර්තාගත ඉහළ යාමක් දිනය තුළ නිරීක්ෂණය විය. ඒ අනුව අද (21) දිනයේ දී රු. බිලියන 3.27ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙන් වාර්තා වූ රු. බිලියන 2.26ක…

(0)Comments | July 21, 2026 4:01 pm

ජාතික උද්ධමනය 6.5%ට නගී

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 ජූනි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 6.5% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 මැයි මාසයේ දී මෙම අගය 5.4% ක් ලෙස වාර්තා වී තිබුණි. මැයි මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේ දී 3.3% ක් දක්වා වැඩි වී ඇති අතර ආහාර නොවන…

(0)Comments | July 21, 2026 3:22 pm

ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම සහ එකම ආයතනය වශයෙන් ‘ශ්‍රී ලංකා පරිගණක සංගමය’ 1976 වර්ෂයේදී පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රය නියෝජනය වන වෘත්තිකයන්ගේ අභිලාෂයන් නිරූපණය කරන ප්‍රධාන වෘත්තීය සංවිධානය ලෙස, වරලත් තත්ත්වය සහ අනෙකුත් විධිමත් පිළිගැනීම් ලබා ගෙන ඇති අනෙකුත් වෘත්තීය සංවිධාන සමඟ සමාන තත්ත්වයෙන් සැලකීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා…

(0)Comments | July 21, 2026 2:35 pm

ලංගමට Standard වෙනුවට Deluxe බස් 600ක්

2026 වර්ෂයේදී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54කින් සමන්විත Standard මාදිලියේ නව බස්රථ 600ක් මිල දී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. එලෙස ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව, මාර්ග ආරක්ෂණ සැලැස්ම – 2025/2026 හඳුන්වා දී ඇත. එකී සැලැස්ම යටතේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන…

(0)Comments | July 21, 2026 2:30 pm

කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරවල බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට DFCC බැංකුව සහ Co-Energi සහයෝගීතාවයෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය

තාක්ෂණික විශේෂඥතාව සහ තිරසර මූල්‍යකරණයේ එකතුවක් හරහා ව්‍යාපාරවල බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහාය වීම සඳහා DFCC බැංකුව, Co-Energi (Pvt) Ltd සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙමගින් ආයතනවලට තම මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමටත්, වෙළඳපොළ තරඟකාරිත්වය ශක්තිමත් කර ගැනීමටත්, වඩාත් තිරසර අනාගතයක් වෙනුවෙන් ඉහළ විශ්වාසයකින් යුතුව ආයෝජනය කිරීමටත් අවස්ථාව සැලසේ. විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ව්‍යාපාරික කාර්යසාධනය කෙරෙහි බලශක්ති…

(0)Comments | July 21, 2026 12:36 pm

ජූලි මුල් භාගයේ දී දෛනික සංචාරක පැමිණීමෙහි වර්ධනයක්

2026 ජූලි මාසයේ මුල් දින 19 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 118,935ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛනවලින් පෙන්වා දේ. මේ අනුව ජූලි මාසයේ දෛනික සංචාරක පැමිණීමෙහි සාමාන්‍ය 6,260ක් ලෙසින් සටහන් වන අතර එය මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු මාර්තු (5,935), අප්‍රේල් (4,251), මැයි (4,858) සහ ජූනි (4,152)…

(0)Comments | July 21, 2026 12:25 pm