Top News

ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා SLITHM සහ CACTA අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන ආයතනය වන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM), 2026 ජූනි 08 වන දින චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම සංස්කෘතික හා සංචාරක පරිපාලන ඇකඩමිය (CACTA) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) නිල වශයෙන් අත්සන් කරමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන්…

(0)Comments | June 9, 2026 10:00 am

මැදපෙරදිග යළි ඇවිලෙද්දී කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්

නව සතියක ආරම්භයේ පළමු ගනුදෙනු දිනය වූ අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන පහළ යාමක් දක්නට ලැබුණි. එහිදී ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 340.85කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 55.58ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක…

(0)Comments | June 8, 2026 6:06 pm

එක්සත් ජනපදය විසින් පනවන ලද නව ශ්‍රම-සම්බන්ධ තීරුබදු පිළිබඳ ලංකා වාණිජ මණ්ඩලය කනස්සල්ල පළ කරන අතර කඩිනම් මැදිහත්වීමක් රජයෙන් ඉල්ලා සිටියි

ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් විසින් අපනයනය කරන භාණ්ඩ සදහා ඇමරිකා එක්සත් ජනපදය විසින් යෝජිත ශ්‍රම ආශ්‍රිත 12.5% ක තීරුබදු පිලිබඳව ලංකා වාණිජ මණ්ඩලය තම දැඩි කනස්සල්ල පල කර සිටියි. මෙය සිදුවන්නේ මීට පෙර ප්‍රකාශයට පත් කළ අන්‍යෝන්‍ය තීරුබදු තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යමින්, වඩාත් වාසිදායක…

(0)Comments | June 8, 2026 2:30 pm

ඩොලරයේ සුළු පහළ යාමක්

පසුගිය සතියේ අවසාන වෙළෙඳපොළ දිනය (05) හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලරය අද (08) දිනයේ දී සුළු වශයෙන් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.27 සිට රු. 331.22 දක්වා ත්, විකුණුම් මිල රු. 342.00 සිට රු. 341.04ක් දක්වා ත්…

(0)Comments | June 8, 2026 1:49 pm

විදුලිබල ක්ෂේත්‍රයට සවියක් වෙමින් මෙරට විශාලතම බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

රට පුරා පිහිටි උපපොළවල් 16ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. රට තුල මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය වන මේ තුලින් ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් වන අතරම වඩාත් පිරිසිදු හා සුරක්ෂිත බලශක්ති පද්ධතියක් බිහිකිරීමටද හැකියාව උදා වනු ඇත. සෑම බැටරි පද්ධතියක්ම දහවල් කාලයේදී මෙගාවොට් පැය 40ක විදුලි…

(0)Comments | June 8, 2026 1:13 pm

ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ නිර්මාණශීලී වෘත්තිකයන් අභිෂේක ගන්වමින් Mogo Media Academy හි ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අභිමානවත් ලෙස නිමාවට පත්වේ

ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී වෘත්තිකයන්ගේ මීළඟ පරපුර හැඩගැස්වීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරමින්, Mogo Media Academy ප්‍රථම සහ සමාරම්භක ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2026 ජූනි මස 4 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) නෙළුම් ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම උත්සවයේදී ඇකඩමියේ පළමු සහ දෙවන ශිෂ්‍ය කණ්ඩායම්වල සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරුණු අතර, එහිදී විවිධ නිර්මාණශීලී සහ මාධ්‍ය…

(0)Comments | June 8, 2026 11:31 am

2026 පළමු කාර්තුවේ දී දේශීය සාර්වමූල්‍ය තත්ත්වයන් සාධනීය මට්ටමක – මහ බැංකුව

මැදපෙරදිග කලාපයේ තීව්‍ර වූ ආතති තත්ත්වයන් සහ ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මතුවූ අභියෝගාත්මක ජාත්‍යන්තර හා දේශීය තත්ත්වයන් මධ්‍යයේ වුවද, 2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණි. ගෝලීය අවිනිශ්චිතතා සහ බාහිර අංශයේ පීඩන හමුවේ වුවද, 2026 පළමු කාර්තුව තුළ දේශීය සාර්වමූල්‍ය තත්ත්වයන් සාධනීය මට්ටමක පැවතුණි. ප්‍රධාන වශයෙන්, පෞද්ගලික අංශයට ණය ලබා දීම්වල…

(0)Comments | June 8, 2026 10:45 am

මහ බැංකුව මැයි මාසයේ දී ඩොලර් මිලියන 223ක් විකුණලා

ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 223.3ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇති බව වාර්තා වේ. මේ අතර මහ බැංකුව විසින් මැයි මාසය තුළ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළන් ඩොලර් මිලියන 12ක් මිල දී ගෙන ඇති අතර ඒ අනුව ශුද්ධ වශයෙන් පසුගිය මාසය තුළ මහ බැංකුව අලෙවි කර ඇති ඩොලර් ප්‍රමාණය,…

(0)Comments | June 5, 2026 11:16 pm

මහ බැංකුවේ විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2026 අප්‍රේල් මාසයේ පැවති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී තිබේ. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2026 මැයි මාසය තුළ දී ඩොලර් මිලියන 6,511 සිට ඩොලර් මිලියන 6,652ක් දක්වා…

(0)Comments | June 5, 2026 6:02 pm

රුපියලේ අවප්‍රමාණය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඩොලරයේ අගය තීරණය වීම වෙළෙඳපොළ බලවේග මත තීරණය වන්නක් බවත්, කෙටිකාලයක් ඇතුළත එය සමතුලිතභාවයට පත්වනු ඇති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෑතකාලීනව රුපියලේ සිදුව ඇති අවප්‍රමාණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ, මැදපෙරදිග යුධමය තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු මතා ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩිවී තිබෙන බවයි. කෙසේ…

(0)Comments | June 5, 2026 4:17 pm