July, 22, 2026
කොළඹ 04 Unity Plaza ගොඩනැගිල්ල සහ දේපළ හිමි සමාගම වන ON'ALLY HOLDINGS PLC සමාගමේ දැවැන්ත කොටස් ගනුදෙනුවක් අද (22) පෙරවරුවේ වාර්තා වී තිබේ.
වාර්තා වන අන්දමට ON'ALLY HOLDINGS PLC සමාගමේ 50.886%ක පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලැබූ LANKA REALTY INVESTMENTS PLC විසින් සිය කොටස් හිමිකාරීත්වය විකුණා ඇත. එහිදී කොටස් 47,325,368ක් එකක් රු. 47.80 බැගින් ගනුදෙනු වී ඇති අතර ඒ අනුව එය රු. බිලියන 2.26ක ගනුදෙනුවක් බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙම ගනුදෙනුවත් සමඟින් අද (22) පෙරවරු 11.00 පමණ වන විට කොටස් වෙළෙඳපොළ සමස්ත දෛනික පිරිවැටුම රු. බිලියන 2.5 ඉක්මවා තිබුණි.
Video Story