Top News

රු. 10 කොටසක් රු. ලක්ෂයකට විකුණන්න හදලා. IPO කොටස් පළමු දිනයේ විකිණීමේ දී නව නීති

මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොටස් වෙළෙඳපොළට පිවිසි වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ද්විතියීක කොටස් ගනුදෙනු ඇරඹි පළමු දිනයේ (2026 ජනවාරි 07) වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීමත් සමඟින්, මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) ලබා ගන්නා කොටස්, පළමු ගනුදෙනු දිනයේ දී විකිණීමේ දී නව ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ Business කළ විමසීමක දී…

(0)Comments | April 29, 2026 12:20 pm

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ වී ගොවීන්ට FAO සංවිධානයෙන් පොහොර සහනාධාර

දිට්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා පොහොර සහනාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ඉදිරි යල කන්නය වෙනුවෙන් නියමිත වේලාවට ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය වීම මෙහි අරමුණයි. ඇමෙරිකානු ඩොලර් 300,000ක වටිනාකමකින්…

(0)Comments | April 29, 2026 11:13 am

ශ්‍රී පාදස්ථානයට කේබල් කාර් පහසුකම සැපයීම පිළිබඳ රජයේ අවධානය

ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරිම සම්බන්ධයෙන් විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී අවධානය යොමු විය. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත්…

(0)Comments | April 29, 2026 9:09 am

ශ්‍රී ලංකා තැපෑලෙන් ඇමරිකානු තැපෑලට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් අස්ථානගත වෙලා

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද තැපැල් සේවය වෙත කරන ලද ඩොලර් හය ලක්ෂයක ගෙවීමක් සම්බන්ධයෙන් අදාළ මුදල් එක්සත් ජනපද තැපැල් සේවය වෙත නොලැබීම පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය…

(0)Comments | April 28, 2026 2:51 pm

මරදානේ අක්කරයකට වැඩි UDA ඉඩමකට ආයෝජන යෝජනා කැඳවයි

නාගරික සංවර්ධන අධිකාරිය (UDA)  සතු සංවර්ධන කටයුතු සඳහා යොදා ගෙන නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා යෝජනා කිරීම පිණිස 2025-04-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කමිටුව විසින් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 10, මරදාන පාරේ පිහිටි අක්කර 01 රූඩ් 01 පර්චස් 12.4ක ඉඩම් කොටසක් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත…

(0)Comments | April 28, 2026 2:27 pm

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026–2030) සමාලෝචනය සඳහා ADB නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණයි. මෙම…

(0)Comments | April 28, 2026 12:12 pm

Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් Emerald Clothing යටතට

Emerald Clothing සමාගම තෝරාගත් Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් බාරගනිමින්, රැකියා සහ ශ්‍රී ලංකාවේ අපනයන පදනම සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරට එයි Hela Clothing සමාගම විසින් මින් පෙර සිදුකරන ලද ප්‍රධානතම මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා Emerald Clothing සමාගම පෙරට පැමිණ තිබේ. Hela Clothing සමාගමේ නිෂ්පාදන කටයුතු ස්ථාවර කිරීම, රැකියා සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලාංකේය ඇඟලුම්…

(0)Comments | April 28, 2026 12:08 pm

JXG හෙට කොටස් වෙළෙඳපොළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන ජනශක්ති ලිමිටඩ් (JXG)හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට (29) ආරම්භ වීමට නියමිතය. මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙන ජනශක්ති ලිමිටඩ්, මූලික මහජන කොටස් නිකුතුවේ දී කොටස් මිලියන 500ක් එකක් රු. 10 බැගින් නිකුත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව මූලික මහජන කොටස් නිකුතුව හරහා…

(0)Comments | April 28, 2026 11:22 am

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කෙරේ

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ බංග්ලාදේශ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Fakir Mahbub Anam මහතා අතර හමුවක් ESCAP සැසිවාරය අතරතුරේදී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර දිගුකාලීන මිත්‍රත්වය හා ශක්තිමත් හවුල්කාරීත්වය නැවත තහවුරු කළ අතර, එය අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු කලාපීය අභිලාෂයන් මත පිහිටා දෙරටේ සමාජ,…

(0)Comments | April 28, 2026 10:13 am

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි. බදු ආදායම පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම කර ගැනීම සහ හිඟ බදු අය කර ගැනීම ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළත්, එම දෙපාර්තමේන්තුව 2026 වසරේ මේ දක්වා ළඟා කර ගෙන ඇති ප්‍රගතියත් මෙහිදී සමාලෝචනයට ලක්…

(0)Comments | April 28, 2026 9:36 am