ආසිරි ශල්ය රෝහල ශ්රී ලංකාවේ ප්රථම රොබෝ ආධාරිත ශල්යකර්මය (Robot Assisted Surgery) සාර්ථකව සිදු කරමින් මෙරට සෞඛ්ය සේවා ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. පළමු ශල්යකර්මය 2026 ජූලි 13 වැනිදා සාර්ථකව සිදු කළ අතර, මෙතැන් සිට මෙරට රෝගීන්ට විදේශගත නොවී ලෝක මට්ටමේ ශල්යකර්ම තාක්ෂණයේ ප්රතිලාභ ශ්රී ලංකාව තුළම ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ. මේ හරහා ආසිරි…
වියට්නාමය සහ ශ්රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ වීම හා සමගාමීව, වියට්නාමය සහ නැගෙනහිර ආසියාවේ අනෙකුත් රටවලින් බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් සකස් කරන ලද විශේෂිත බෞද්ධ වන්දනා සංචාර පැකේජයක් වන “බුද්ධ වන්දනා” (Buddha Wandana) වැඩසටහන 2026 ජූලි 16 වැනි දින කොළඹදී ආරම්භ කරන ලදී. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය විසින් යෝජනා කරන ලද මෙම වැඩසටහන, සංචාරක ව්යාපාරය…
ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ ශීඝ්ර වෙනස්වීම් හමුවේ ශ්රී ලංකාව ඩිජිටල් සහ කාර්මික පරිවර්තනයක පෙරගමන්කරුවෙකු බවට පත්කිරීමේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, Wireless Intelligence and Innovation (WIIN) Institute of Technology ආයතනය TRACE Expert City හිදී නිල වශයෙන් ආරම්භ විය. ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතාගේ ප්රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. ගෝලීය මට්ටමින් ප්රතිඵල…
කොළඹ කොටස් වෙළෙඳපොළෙ ගනුදෙනු ක්රියාකාරීත්වය අද (17) දින තුළ අලස ස්වභාවයක් පෙන්නුම් කළ අතර එහි ප්රතිඵලයක් ලෙස පසුගිය මාස 15 තුළ සටහන් වූ අඩුම දෛනික පිරිවැටුම අද දිනයේ දී වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී පිරිවැටුම වාර්තා වූයේ රු. මිලියන 722ක් ලෙසිනි. මෙය 2025 අප්රේල් 17දායින් පසු වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම ලෙස සැලකේ. එදින…
ශ්රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වන FACETS Sri Lanka ප්රදර්ශනය, 2027 ජනවාරි 4 වනදා සිට 6 වනදා දක්වා කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්රයේදී පැවැත්වේ. මෙරට විශිෂ්ටතම මැණික් හා ස්වර්ණාභරණ සමාගම් නියෝජනය කරමින් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් හා නිෂ්පාදකයින් සියයකට අධික සංඛ්යාවක් මෙම සුවිශේෂී ප්රදර්ශනයට එක්වීමට නියමිතය….
රජයේ මූල්ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්ය ආයතනවල සමස්ත වාහන සංඛ්යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…
රාජ්ය ව්යවසාය අංශය ප්රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් වන රජයේ ප්රතිපත්තියට අනුකූලව, 2025 වර්ෂය තුළ විවිධ ක්රියාමාර්ග රැසක් ක්රියාත්මක කරන ලදී. අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම් වාණිජමය නොවන රාජ්ය ව්යවසායයන් කිහිපයක් වසා දැමීම, ප්රතිව්යූහගත කිරීම හෝ ඒකාබද්ධ කිරීම, අක්රීය රාජ්ය ව්යවසායයන් 33ක් ඈවර කිරීම සහ සියලුම රාජ්ය වාණිජ ව්යවසායයන් යහපාලනය, වගවීම සහ…
2025 වර්ෂයේ දී, ලංකා විදුලිබල මණ්ඩලය හැර අනෙකුත් රාජ්ය ව්යවසායයන් 50 විසින් රු. බිලියන 483.2ක සමස්ත ලාභයක් වාර්තා කළ අතර, එය 2024 වර්ෂයේ දී වාර්තා වූ රු. බිලියන 397.5ක සමස්ත ලාභයට සාපේක්ෂව සියයට 21.5ක වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 වර්ෂයේ දී වාර්තා කළ රු. බිලියන 141.6ක ශුද්ධ ලාභයට සාපේක්ෂව 2025…
විදෙස්ගත ශ්රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්රාම වැටුප් ක්රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්රතිපාදන මත ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය සහ 2027…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු වර්ධනයක් අද (16) දිනයේ දී දැකගත හැකි විය. එහිදී ප්රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 29.77කින් සහ S&P SL20 දර්ශකය ඒකක 16.37කින් ඉහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,447.57ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,004.99ක් ලෙසත් සටහන්ව තිබුණි….
Video Story