වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම හා සමගාමීව “බුද්ධ වන්දනා” බෞද්ධ වන්දනා සංචාර පැකේජය හඳුන්වා දෙයි

    July, 19, 2026

    වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ වීම හා සමගාමීව, වියට්නාමය සහ නැගෙනහිර ආසියාවේ අනෙකුත් රටවලින් බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් සකස් කරන ලද විශේෂිත බෞද්ධ වන්දනා සංචාර පැකේජයක් වන "බුද්ධ වන්දනා" (Buddha Wandana) වැඩසටහන 2026 ජූලි 16 වැනි දින කොළඹදී ආරම්භ කරන ලදී. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද මෙම වැඩසටහන, සංචාරක ව්‍යාපාරය ග්‍රාමීය ප්‍රදේශ හා ප්‍රාදේශීය ප්‍රජාවන් වෙත ව්‍යාප්ත කිරීම මඟින් දේශීය සංචාරක සේවා සපයන්නන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ ග්‍රාමීය ජනජීවිත සඳහා නව ආර්ථික අවස්ථා උදාකර දීමෙන් සහ සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමෙන් පුළුල් පරාසයක ආර්ථික ප්‍රතිලාභ ජනනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම අවස්ථාව අමතමින්ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපති බුද්ධික හේවාවසම්ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ලබා දෙන සැලකිය යුතු දායකත්වය අවධාරණය  කළේය.පසුගිය වසර තුළ අංශ දෙකෙහිම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළදෙරට අතර පවතින දේශීය සහ විදේශීය සංචාරක ව්‍යාපාර හරහා වර්ධනය වන වියට්නාම සහ ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ ඔහු සඳහන් කළේය. බෞද්ධ වන්දනා සංචාර පැකේජ වැනි මුලපිරීම් ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන විවිධාංගීකරණය කිරීමට උපකාරී වන අතර එමඟින් වියට්නාමයේ වඩා ඵලදායී වෙළෙඳපලවල් වෙත ප්‍රවේශය වැඩි දියුණු කරනු ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි අතිගරු ට්‍රින් ති ටම්ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඛණ්ඩ සහයෝගීතාව අගය  කළ අතරමෙම සහයෝගීතාව අනාගතයේදී තවත් බොහෝ අංශ දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළාය. බෞද්ධ වන්දනා සංචාර පැකේජ වියට්නාම වෙළඳපොළට හඳුන්වාදීම ගැන ඇය ප්‍රශංසා කළ අතරඑවැනි විවිධ වැඩසටහන් තම රට තුළ විශාල ප්‍රජාවකට ළඟා වන බව අවධාරණය කළාය.

    බුද්ධ වන්දනා" බෞද්ධ වන්දනා සංචාර පැකේජය දියත් කිරීම සාර්ථක කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමය (ASMET), ශාන්ත ඇන්ඩෲ සංචාරක සමාගමේ සභාපති මහේන් කාරියවසම් අගය කළේය. මෙම වැඩසටහන, බෞද්ධ වන්දනා සංචාරක හා සංස්කෘතික සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ තවත් වැදගත් පියවරක් ලෙස සනිටුහන් වේ.

    වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවාවන් 2026 අගෝස්තු 18 දින සිට ක්‍රියාත්මක වන අතර දෙරට අතර භාණ්ඩ, සේවා සහ ජනතා හුවමාරුව වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කිරීමට පහසුකම් සැලසෙනු ඇතියි