කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක්

    July, 16, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු වර්ධනයක් අද (16) දිනයේ දී දැකගත හැකි විය.

    එහිදී ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 29.77කින් සහ S&P SL20 දර්ශකය ඒකක 16.37කින් ඉහළ යන ලදී.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,447.57ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,004.99ක් ලෙසත් සටහන්ව තිබුණි.

    දිනය තුළ රු. බිලියන 1.48ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    එහිදී රු. මිලියන 410ක ඉහළම දායකත්වය E B CREASY & COMPANY PLC හි කොටස් ගනුදෙනු හරහා වාර්තා වී තිබුණු අතර රු. මිලියන 260ක ගිවිසාගනු ලැබූ ගනුදෙනුවක් ද ඒ තුළ අන්තර්ගතව තිබුණි. මීට අමතරව දිනය තුළ රු. මිලියන 100 ඉක්මවා පිරිවැටුමක් වාර්තා වී තිබුණේ ACL CABLES PLC (රු. මිලියන 114ක්) කොටස් ගනුදෙනු හරහා පමණි.