අක්‍රීය රාජ්‍ය ව්‍යයවසායයන් 33 ක් 2025 දී ඈවරයි

    July, 17, 2026

    රාජ්‍ය ව්‍යවසාය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, 2025 වර්ෂය තුළ විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරන ලදී.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම් වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවසායයන් කිහිපයක් වසා දැමීම, ප්‍රතිව්‍යූහගත කිරීම හෝ ඒකාබද්ධ කිරීම, අක්‍රීය රාජ්‍ය ව්‍යවසායයන් 33ක් ඈවර කිරීම සහ සියලුම රාජ්‍ය වාණිජ ව්‍යවසායයන් යහපාලනය, වගවීම සහ විනිවිදභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන්ට අනුගත වෙමින් වෘත්තීමභාවයෙන්, ස්වාධීනව, ඵලදායීව සහ වාණිජ මූලධර්මයන්ට අනුකූලව කළමනාකරණය කිරීම සහතික කිරීමේ අරමුණින් රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කිරීම යනාදියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීම මෙයට ඇතුළත් වේ.

    මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙ (වාර්ෂික වාර්තාව) හි මේ බව සඳහන් වේ.