ජාතික උද්ධමනය 6.5%ට නගී

    July, 21, 2026

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 ජූනි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 6.5% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 මැයි මාසයේ දී මෙම අගය 5.4% ක් ලෙස වාර්තා වී තිබුණි.

    මැයි මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේ දී 3.3% ක් දක්වා වැඩි වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, මැයි මාසයේ දී වාර්තා වූ 8.6% සිට ජූනි මාසයේ දී 9.3%ක් දක්වා වැඩිවීම මෙලෙස ජාතික උද්ධමනය ජූනි මාසයේ දී ඉහළ යාමට විශාල වශයෙන් බලපා ඇත.

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ද පසුගිය ජූනි මාසයේ දී 6.8% ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.