කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක්

    July, 23, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක් අද (23) දිනයේ ගනුදෙනු අවසානයේ දී දක්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 49.81කින් ඉහළ ගොස් ඒකක 21,199.37ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 13.25කින් ඉහළ ගොස් ඒකක 5,945.87ක් ලෙසින් සටහන් විය.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 1.07ක් ලෙසයි.