Top News

ඉන්දියාවෙන් කොළඹ වරායට ආ අලුත්ම අලුත් යකඩ යක්කු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක්ව තිබේ. ඉන්දියාවෙන් ගෙන් වූ එම බලවේග කට්ටලය සහ දුම්රිය එංජිම මේ වන විට කොළඹ වරායට ගොඩ බා තිබෙන අතර ඒවා මෙරට ගෙන්වා ඇත්තේ ඉන්දීය ණය ආධාර යටතේය. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇණවුම් කෙරෙන මුළු ද්විත්ව…

(0)Comments | July 23, 2019 6:36 pm

ලැයිස්තුගත සමාගමක සභාපති සහ ප්‍රධාන විධායක තනතුරු තනි පුද්ගලයෙකු අතට නොයන්නට සුරැකුම්පත් කොමිසමෙන් නව නීති

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන මූලික තනතුරු දෙක තනි පුද්ගලයෙකු විසින් දැරිය නොහැකි වන සේ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව පියවර ගෙන තිබේ. මේ පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා උපදේශන පත්‍රයක් පිළියෙල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලු පාර්ශවකරුවන්ගේ ලිඛිත අදහස්…

(0)Comments | July 23, 2019 5:27 pm

කර්මාන්තශාලා ආඥා පනතේ නියෝග අලුත්වෙයි

1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥාපනතෙහි ප්‍රධාන කාර්යය වන්නේ සේවකයින්ගේ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍යය මෙන්ම ඔවුන්ගේ සුබසාධනය පවත්වාගෙන යාමට ඉවහල් වන අයුරින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් කර්මාන්තශාලා පරීක්ෂා කිරීමයි.   මෙම පනතේ විධිවිධාන අවුරුදු 65කට අධික කාලයක් ක්‍රියාත්මක වුවද ඊට අදාළව මේ දක්වා සම්පාදනය කර ඇත්තේ නියෝග කිහිපයක් පමණි.   ඒ අනුව, ඵලදායී අයුරින් නීතිය බලගැන්වීමේ…

(0)Comments | July 23, 2019 3:27 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයට අමතර එන්ජින් දෙකක් මිල දී ගැනීම අනුමතයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම හා CFM ආයතනය අතර අත්සන් කර ඇති ගිවිසුමේ නියමයන්ට අනුකූලව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා CFM ඉන්ටනැෂනල් ආයතනය වෙතින් අමතර LEAP එන්ජින් 02ක් මිල දී ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | July 23, 2019 3:20 pm

තේ අපනයනයනකරුවන්ගෙන් බදු අයකිරීම පහළට

1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ විධිවිධාන අනුව, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 3.50ක බද්දක් ලියාපදිංචි තේ අපනයනකරුවන්ගෙන් අය කරනු ලැබේ.   මේ වන විට තේ අපනයනය මත පනවා ඇති අනෙකුත් ඍජු හා වක්‍ර බදු මෙන්ම ආර්ථික සේවා ගාස්තු හේතුවෙන් තේ නිෂ්පාදන පිරිවැය තවදුරටත් ඉහළ යන බැවින් තේ ප්‍රවර්ධන…

(0)Comments | July 23, 2019 3:18 pm

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන්, 2019 මැයි මාසයේ පැවති සියයට 3.5 හි සිට 2019 ජුනි මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය. මේ අතර, 2019 ජුනි මාසයේ දී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන්…

(0)Comments | July 23, 2019 10:45 am

ප්‍රතිඅපනයනයට ගෙනාවේ රෝහල් මෙට්ට නොවෙයි, වරායේ බහාලුම් සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ – හේලීස් අවධාරණය කරයි

මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ රඳවා තිබෙන බහාලුම් 102 ක් සම්බන්ධයෙන් තම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව හේලීස් ෆ්‍රී සෝන් පවසයි. අද (22) පැවති මාධ්‍ය හමුවක දී එහි නිලධාරීහූ මේ බව කියා සිටියෝය. මෙම මාධ්‍ය හමුවේ දී හේලීස් ෆ්‍රී සෝන් වෙනුවෙන් හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න, අසංක රත්නායක (අධ්‍යක්ෂ)…

(0)Comments | July 22, 2019 4:21 pm

ශ්‍රීලංකන් ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා srilankan.com මගින් 40%ක විශේෂ දීමනාවක්

ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික පන්තියේ  ප්‍රවේශපත්‍ර සඳහා 40% ක් විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.මෙමඟින් ඔබට ලොව පුරා ගමනාන්ත 35 කට අධික සංඛ්‍යාවක් වෙත රිසි සේ පියාසර කිරීමට අවස්ථාව උදා වනු ඇත. එසේම ඉදිරියේ දී පිරිමැසුම්…

(0)Comments | July 22, 2019 10:48 am

එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාව සූදානම්

ශ්‍රී ලංකා රජය “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට 2019 ජුලි 08 වන දින අත්සන් තැබූ බැවින්, ශ්‍රී ලංකා රජය එක්ස්පෝ ඩුබායි 2020 හි නිල වශයෙන් සාමාජිකත්වය ලබන ලදී. මෙම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිස සමග එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකා කොමසාරිස් ජනරාල් ලෙස…

(0)Comments | July 22, 2019 10:36 am

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කෙරේ

සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ලෝක බැංකු කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුව ශ්‍රී ලංකාවේ දී නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් (Hartwig Schafer) මහතා පවසයි. පසුගිය දා (18) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ…

(0)Comments | July 22, 2019 10:11 am