පසුගිය සතියේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ප්‍රමුඛ නිල දූත පිරිසක්, අමූල් ලෙස ප්‍රකට සීමාසහිත ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ (GCMMF) සංචාරයක නිරත වූ අවස්ථාවේ දී, ඉන්දියාවේ සහය සහිතව ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. මහ කොමසාරිස් මොරගොඩ මහතා 22 වැනි දින, ආනන්ද්…
2024 වර්ෂයේ දී ගෙවිය යුතු ඇ.ඩොලර් 175,000,000 / සියයට 7.00 ක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ඇපවූ (ISIN iXS2010609) බැඳුම්කරයට අඳාල පොලී පියවීමට ගුවන් සමාගම අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සතුටින් ප්‍රකාශ කරයි. සමාගමේ අරමුදල් භාවිතා කරමින් අදාළ සහන කාලය තුළ පොළිිය සම්පූර්ණයෙන්ම ගෙවා ඇත.
ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත ඉන්ධන බෙදාහැරීමේ දී ලබා දෙන කොමිස් මුදල සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දී තිබුණු අතුරු තහනම් නියෝගය පසුගිය දා ඉවත් කළ බවත්, ඒ අනුව 2018 ගත් තීන්දුවක් අනුව අද වන විට පෙට්‍රල් ලීටරයක් රු. 450 කට අලෙවි කළ ද ඒ සඳහා ලබා දෙන කොමිස් මුදල රු. 4.80 ක් වන බව බලශක්ති අමාත්‍ය…
ඉන්ධන බෙදාහැරීම සඳහා හඳුන්වා දී තිබෙන QR කේත ක්‍රමයට අනුව එක් එක් වාහන වර්ගය සඳහා සතියකට ලබා දීමට යෝජිතව ඇති ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව, කාර් සඳහා ලීටර් 20 ක්, ත්‍රී රෝද රථ සඳහා ලීටර් 5 ක් සහ මෝටර් බයිසිකල් සඳහා ලීටර් 4 ක් බැගින් වන පරිදි මෙම කෝටාව වැඩි කර…
අගෝස්තු 1 වැනිදා සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන අතර අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ප්‍රතිපාදන වලංගු නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉදිරි දින කිහිපය තුල ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කරුණු 7 ක් අවධාරණය කරමින් අමාත්‍යවරයා ටිව්ටර් සටහනක මේ බව සඳහන් කර ඇත. එසේම හෙට (26) සිට ජාතික ඉන්ධන බලපත්‍ර (QR)…
2022 පළමු භාගය (ජනවාරි – ජූනි) තුළ දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 739.8 ක් ලෙසින් වාර්තා වී ඇත. එය 2021 වසරේ මුල් මාස 06 තුළ වාර්තා වූ වටිනාකම වන ඩොලර් මිලියන 44.1 හා සැසඳීමේ දී 1,578% ක වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් අතර මෙම…
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ විදේශ රටක සිට DFCC බැංකුවේ ගිණුමකට බැර කරන සියලු පෞද්ගලික අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 1 ක අමතර මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙය ලබාදෙනුයේ…
පසුගිය වසරට සාපේක්ෂව මැයි මාසයේදී ඇඟළුම් අපනයන ආදායම 30%කින් ඉහළ යාමත් සමඟින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව JAAF අගයයි ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා 30% කින් ඉහළ නංවා ගැනීමත් සමඟින් පෙර නොවූ විරූ අභියෝග හමුවේ මෙරට ඇඟළුම් අංශය අඛණ්ඩව සිය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කැප වන බවට සහතික…
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වන විට පියවර ගෙන ඇත. ඔවුන් සඳහන් කර සිටින්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා…
ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් වශයෙන් වාර්තා විය ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 45.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර…
Video Story