Top News

ඩීසල් බැරල් දාහතර ලක්ෂයක සහ පෙට්‍රල් බැරල් දශ ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ Vitol Asia සමාගමට

2019 ජූලි 15 සිට 2020 මාර්තු 14 දක්වා ඉදිරි මාස 08ක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 420,000ක්, ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,040,000 ක් සහ පෙට්‍රල් (92UNL) බැරල් 1,084,000 ආනයනය කිරීම සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ Vitol…

(0)Comments | June 26, 2019 3:57 pm

අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට. ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා පස් ගුණයක ඉල්ලුමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (26) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොළිය 8.38% සිට 8.24% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 8.60% සිට 8.49% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 8.86% සිට 8.70% දක්වා පහළ ගොස්…

(0)Comments | June 26, 2019 3:26 pm

ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාවට නැංවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සමග එක්ව ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුලින් රට තුල ගෙවීම් ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලබන අතර එය ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් මෙහෙයුම් සමාගමක් වන ජපානයෙහි ජේසීබී ඉන්ටර්නැෂනල් (JCB International) ආයතනය සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබයි….

(0)Comments | June 26, 2019 1:43 pm

මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට යන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි – මංගල

ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙන බව කියමින් රජය, මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවට ජාතික පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමග යවන, අසත්‍ය මෙන් ම ද්වේශසහගත ප්‍රවෘත්තියක් බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ප්‍රාග්ධන ඌනතාවක් ඇති බව හුවා දක්වමින් මහජන බැංකුවේ කොටස් විකුණා…

(0)Comments | June 26, 2019 12:43 pm

කියුබාවට ඩොලර් පනස්දාහක ආධාරයක් දෙන්න මාරපනගෙන් යෝජනාවක්

කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මෙම වසරේ ජනවාරි මස ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති හවානාහි රෙග්ලා ආශ්‍රිතව පිහිටි ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීමේ සංකේතයක් ලෙසත් හා මේ වසර වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කොට හැට වසරක් පිරීම සැමරීම වෙනුවෙනුත් ඇමරිකානු ඩොලර් 50,000ක ප්‍රදානයක්…

(0)Comments | June 26, 2019 11:01 am

ලන්ඩනයෙන් පිටත්වන ශ්‍රීලංකන් යානාවල කෑම කොන්ත්‍රාත්තුව Newrest Catering Services සමාගමට

ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලෙන් පිටත්වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු ගුවන්යානා සඳහා අවශ්‍ය ආහාරපාන වර්ග වසර 03ක කාලයක් සඳහා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Newrest Catering Services  වෙත බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.5ක මුදලකට පිරිනැමීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්…

(0)Comments | June 26, 2019 10:51 am

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොල වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5 ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක හා වසර 10ක (දිගු) පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙළින් 2024…

(0)Comments | June 25, 2019 6:12 pm

කොමර්ෂල් බැංකුව LankaPay-JCB කාඩ්පත් පිළිගැනීම අරඹයි

ජාතික කාඞ්පත් වැඩසටහන යටතේ නිකුත් කර තිබෙන LankaPay-JCB (ජපාන ණය කාර්යංශය) සම සන්නාමකරණය කර තිබෙන කාඞ්පත් තමන්ගේ පොයින්ට්- ඔෆ්- සේල් (POS& යන්ත‍්‍ර ජාලය මගින් පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු බැංකු කිහිපය අතරට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. කොමර්ෂල් බැංකුව සහ LankaPay Common POS Switch පද්ධතිය එක්කිරීමෙන් පසුව ජපානයෙන් බිහිවූ එකම අන්තර්ජාතික ගෙවීමේ සන්නාමය වන JCB සමඟ දේශීය…

(0)Comments | June 25, 2019 6:10 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය චීනයේ මාධ්‍යවේදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය චාරිකාවක් සඳහා චීනයේ ප්‍රමුඛ හා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල ප්‍රධාන සංස්කාරකවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීයේය. පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමෙන් පසු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු මාධ්‍ය කණ්ඩායම මෙය වීමද විශේෂත්වයකි. LUXURYTIMES Magazine, Jiemian News, News.qq.com, Global Times සහ Zen Lake යන…

(0)Comments | June 25, 2019 5:59 pm

යුද්දෙන් පසුව නව ආර්ථිකයකට අපි ගියේ නැහැ. බැණුම් අහලා හරි ආර්ථිකය හැදුව නිසා ඉදිරියට යන්න පුළුවන් – අගමැති රනිල්

යුද්ධය අවසන් වූ පසු ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා නොගිය බවත්, ණය ලබාගෙන පාරවල් සෑදීමෙන් පමණක් රටක් ඉදිරියට ගෙනයාමට නොහැකි බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (24) මුතුරාජවෙල ලංකා ඛනිජ තෙල් සංස්ථා පර්යන්තයේ ඉදිවූ Hyrax ලිහිසි තෙල් සම්මිශ්‍රණාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,…

(0)Comments | June 25, 2019 12:52 pm