Top News

ඉන්ධන ප්‍රමාණවත් නැතිනම් ඇතුල් වෙන්න එපා – අධිවේගය භාවිතා කරන්නන්ට දැනුම් දීමක්

ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් වාහනයේ ඉන්ධන ටැංකියේ නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුළත් වීමෙන් වළකින ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඇතැම් වාහනවල ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් අධිවේගී මාර්ගය තුළ එම වාහන නැවතී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි. විවිධ පැමිණිලි ලැබිලා තියෙනවා, අපේ අධිවේගී…

(0)Comments | August 3, 2022 3:14 pm

රජයේ තට්ටු නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට

තම රජය ජනතාවගේ අයිතිය තහවුරු කරනු ලබන බවත්, රජයේ තට්ටු නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (03) දින නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එසේම රජයේ බලපත්‍ර ඉඩම්ලාභීන්ට, සින්නක්කර ඔප්පු ලබා දෙන බව ද…

(0)Comments | August 3, 2022 2:50 pm

ණය ස්ථාවර කිරීමේ සැලසුම් අවසන් අදියරේ – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

ජාත්‍යන්තර මූල්‍ය සහ නීති විශේෂඥයන් වන Lazard සහ Clifford Chance යන ආයතන සමඟ එක් වී ශ්‍රී ලංකාවේ ණය ස්ථාවර කරලීමේ සැලසුම්හි අවසන් අදියරයට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අමතමින් පවසා සිටියේය. “යළි නැගී සිටීමේ මූලික පියවරක් විදිහට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා…

(0)Comments | August 3, 2022 11:33 am

කොටස් වෙළෙඳපොළෙන් සුපිරි පෙරළියක්

අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉතා සක්‍රීය ස්වභාවයක් ගනු ලැබූ අතර කලකට පසු රු. බිලියන 2 සීමාව ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා වීම මගින් ඒ බව මනාව තහවුරු වේ. මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගැ ඒකක 138.95 කින් ඉහළ ගොස් ඒකක 7,907.52 ක් හා S&P SL20 දර්ශකය…

(0)Comments | August 2, 2022 3:11 pm

ශ්‍රී ලංකා පොලීසියට අතිනවීන ඩිජිටල් සන්නිවේදන උපකරණ

Hytera ශ්‍රී ලංකා පොලීසියට අතිනවීන ඩිජිටල් සන්නිවේදන උපකරණ සපයයි Hytera සහ එහි ශ්‍රී ලාංකික හවුල්කරු වන Securatec සමාගම, ශ්‍රී ලංකා පොලීසියට වසර 10 ක කාලයක් දක්වා ක්ෂේත්‍ර සන්නිවේදන පද්ධති සැපයීම සඳහා පසුගියදා ගිවිසුම්ගත විය. විශාල තරගකාරීත්වයක් පැවති ටෙන්ඩර් ක්‍රියා පටිපාටියකින් අනතුරුව මෙම ටෙන්ඩරය හිමිකරගැනීමට Hytera ආයතනය සමත් විය. මීට ඉහතදී Securatec සමාගම ශ්‍රී ලංකා පොලීසියට…

(0)Comments | August 2, 2022 12:59 pm

හරි පාරේ ඩොලර් එවන අයට ඉලෙක්ට්‍රික් රථයක් තීරු බදු රහිතව ගෙන්වා ගැනීමේ අවස්ථාවක්. කොන්දේසි සහිතයි

විගමනික ශ්‍රමිකයන්හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරි ගැන්වීම් ලබා දීම රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට සිදු කරනු ලබන ප්‍රේෂණයන් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු සහන සහ දිරි ගැන්වීම් සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2022.06.27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නිලධාරි කමිටුවක් පත්…

(0)Comments | August 2, 2022 11:50 am

ඇඟළුම් කර්මාන්තයට අවශ්‍ය ආනයන සඳහා තීරු බදු සහන 

දේශීය ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරු බදු සහන ලබා දීම කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ වුවද, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ක්ෂේත්‍රයක් බවට ඇඟළුම් කර්මාන්තය පත්ව තිබේ. එහෙත්, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මේ වන විට රට තුළ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් දේශීයව නිෂ්පාදනය නොකරන, ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය…

(0)Comments | August 2, 2022 11:01 am

ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව SLT-MOBITEL සහ ඉහළ පෙළේ එක්සත් ජනපද නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය ප්‍රමුඛ එක්සත් ජනපද නිලධාරීන් පිරිසක් හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. ඇමරිකානු එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යාපාර වලට ශ්‍රී ලංකාව තුළ පවතින ආයතනික ආයෝජන අවස්ථාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදි. මෙම සාකච්ඡාවට SLT-MOBITEL නියෝජනය කරමින්…

(0)Comments | August 2, 2022 10:26 am

IMF එකටත් බැහැ ඒ වගේ මෙහෙයුම් කරන්න. මගේ ටෙලිෆෝනය පැය 24 ම ටැප් කරනවා – ඩලස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහස්පෙරුම මහතා ඊයේ (01) දින විකාශය වූ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් දැක්වූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ. අදාළ වීඩියෝව ද පහතින් නැරඹිය හැකිය. මේ හැම දෙනාම අනිමිසලෝචනයෙන් බලා සිටියා මහ දැවැන්ත වෙනස්කමක් මේ රටේ වෙයි කියලා. ඒ බලාපොරොත්තුවලට පියාපත් දෙන්න ඔ්නේ. මගේ ටෙලිෆෝනය පැය 24ම ටැප් කරන ටොලිෆෝන් එකක්. මම වගකීමෙන් කියන්නේ. අපි…

(0)Comments | August 2, 2022 9:55 am

රුපියලේ දැන් තත්ත්වය

2022 වසරේ මැයි මාසයේ දී දෛනික අවසරලත් විචලන කලාපය හඳුන්වා දීමෙන් පසුව, 2022 වසරේ ජූනි මාසය පුරාවටම වෙළෙඳපොළ තුළ ස්ථාවර විනිමය අනුපාතිකයක් පැවතුණි. ඒ අනුව, 2022 වසරේ මැයි 13 සිට මේ දක්වා, ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 44.4ක අවප්‍රමාණයක් වාර්තා කර ඇත. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ…

(0)Comments | August 2, 2022 9:03 am