Top News

හඳුන්කූරු දුමෙන් අලි එලවන හැටි

වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල වනජීවී නිලධාරීන් විසින් නිකවැරටිය සහ ගල්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකෙරෙමින් පවතී. මේ යටතේ නිකවැරටිය, තිඹිරියාව, නාවාන ප්‍රදේශයේ වැසියන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා හැරීමේ වැඩසටහනක් පසුගියදා එම ග්රාවමයේ දී වනජීවී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි….

(0)Comments | July 25, 2019 3:14 pm

ප්‍රවාහන පුහුණුවකට ලංගම 26ක් තායිලන්තයට

ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධ පුහුණු වැඩමුළුවක් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් 26 දෙනෙකු තෝරා ගෙන තිබේ. මෙම නිලධාරීන් 26 දෙනා වෙත අදාළ සංචාරය සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් පසුගිය දා සිදුකෙරිණි. 2019 ජූලි 23 දින සිට ජූලි 27 දක්වා කාලය තුළ මෙම පුහුණු වැඩමුළුව පැවැත්වෙනු ඇත.

(0)Comments | July 25, 2019 12:44 pm

රජයේ පුරප්පාඩු 16,800කට බඳවා ගැනීම 2012 උපාධීධාරීන්ගෙන් ඇරඹෙයි

රැකියා විරහිත උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනට අදාළව එහි පළමු අදියර යටතේ, රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් වශයෙන් උපාධිය නිමකර ඇති රැකියා විරහිත උපාධිධාරින් 5,000ක් ද, එහි දෙවන අදියර යටතේ උපාධිධාරින් 15,000ක් ද බඳවා ගෙන පුහුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මීට පෙර ලැබී ඇත. එහෙත් පළමු අදියරේ බඳවාගත් සංඛ්‍යාවෙන් පුරප්පාඩු 1,800ක් ද…

(0)Comments | July 25, 2019 10:07 am

ඩොලර් මිලියන 27 ක අගෝස්තුවේ ‍පොහොර කොන්ත්‍රාත්තුව වැලන්සි ඉන්ටර්නැෂනල් සහ ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් වෙත

සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අගෝස්තු මාසය සඳහා වන පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික් ටොන් 5,500ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 322.74 බැගින්ද, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 60,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 312.99 බැගින්ද සහ මියුරේට් ඔෆ් පොටෑෂ් (රතු / රෝස) මෙට්‍රික් ටොන් 5,900ක් මෙට්‍රික් ටොන් 1ක්…

(0)Comments | July 24, 2019 3:54 pm

මාලිංගගේ අවසාන එක්දින තරඟයේ සියලු ටිකට් විකිණී අවසන්

එළඹෙන සිකුරාදා (26) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරඟයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ බව කියා සිටී. මෙම තරඟය ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගී වන අවසාන එක්දින ජාත්‍යන්තර තරඟයයි….

(0)Comments | July 24, 2019 3:04 pm

යුනියන් බැංකුව 2019 පළමු අර්ධය තුළ 52% ක ශක්තිමත්, සියලු බදු පෙර ලාභයක් වාර්තා කරයි

යුනියන් බැංකුව සිය හර බැංකුකරණ ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් සමගින් 2019 පළමු කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් විය. සියලු ම ආකාරයේ ව්‍යාපාර දැඩි ලෙස අභියෝගයට ලක් කෙරුණු වෙළඳපොළ තත්ත්වය හමුවේ වුව ද යුනියන් බැංකුව වාර්තා කළ රු. මිලියන 849 ක සියලු බදු පෙර ලාභය එම විශිෂ්ට කාර්යසාධනයට බෙහෙවින් බලපෑවේය.   හර බැංකුකරණ වර්ධනය…

(0)Comments | July 24, 2019 1:24 pm

වැට් හා NBT බදු පනත්වල වෙනසක්

වැට් බද්දට අදාළව 2019 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල සඳහන් කරන ලද ඇතැම් සංශෝධන ක්‍රියාත්මක කිරීම සදහා ද, දේශීය ඉදිකිරීම් කර්මාන්තය මෙන්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා ඇතැම් දේශීය කර්මාන්ත දිරි ගැන්වීම සඳහා ද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබිණි. එසේම ඉදිකිරීම්,…

(0)Comments | July 24, 2019 12:50 pm

ෆේස්බුක් හරහා ව්‍යාපාර ප්‍රවර්ධනයට ග්‍රාමීය ව්‍යවසායකයින්ට අතහිත

මෙරට ග්‍රාමීය ප්‍රජාව ආශ්‍රිත ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට පියවර ගැනේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ෆේස්බුක් ආයතනය එක්ව මෙය ක්‍රියාවට නංවා තිබේ. මේ අනුව  විශේෂයෙන් ෆේස්බුක් සමාජ ජාලය  තම ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමට හැකි ආකාරය පිලිබඳව දැනුම ලබා දීම සිදුකෙරේ. මෙහි මුල් අදියරේදී ස්මාර්ට් සමාජ…

(0)Comments | July 24, 2019 12:10 pm

ඉන්දියා, චීන සංචාරකයින්ටත් On Arrival වීසා දෙන්න ආණ්ඩුව තීරණය කරයි

සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, කාම්බෝජය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත “පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත්‍ර“ (On Arrival Visas) ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්…

(0)Comments | July 24, 2019 11:06 am

අබලි ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි

සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට ඊයේ (23) නියෝග කළේ ය. විදේශ සංචාරය නිමා කරමින්  දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය වෙත මෙම නියෝගය කර තිබේ. දැනට…

(0)Comments | July 24, 2019 7:39 am