Top News

රු. මිලියන 714කට කියා මෝටර්ස් සමාග‍මේ 70%ක කොටස් අයිතිය මහේන් තම්බයියා මිල දී ගනී

කියා මෝටර්ස් (ලංකා) ලිමිටඩ් හි කොටස් මිලියන 42ක් මහේන්ද්‍ර තම්බයියා මහතා වෙත අලෙවි කිරීමට, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන CM හෝල්ඩිංග්ස් පීඑල්සී තීරණය කර තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් CM හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කර සිටින්නේ 2019 අගෝස්තු 02 දින මීට අදාළ ගිවිසුමට එළඹි බවයි. මේ අනුව කියා මෝටර්ස් (ලංකා) ලිමිටඩ්…

(0)Comments | August 5, 2019 4:13 pm

ජූලි මාසයේ දී සංචාරකයින් එක්ලක්ෂ පහළොස්දහසක් ඇවිත්. දිනපතා පැමිණි ගණන් මෙන්න

පසුගිය ජූලි මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115,704 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව 2019 වසරේ මුල් මාස 07 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 1,124,153 ක් ලෙසින් සටහන් වේ. 2018 ජූලි මාසයේ දී මෙරටට 217,829 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබේ. එය…

(0)Comments | August 5, 2019 11:55 am

e-payment භාවිතයේ දී ආරක්ෂාකාරී වන්නැයි මහ බැංකුවෙන් අවවාදයක්

විද්‍යුත් ගෙවීම් ක්‍රම මගින් තම ජංගම හා ඉතුරුම් ගිණුම් වල ඇති අරමුදල් තත්කාලීන ලෙස හුවමාරු කිරීමට හැකි වීම මෙන්ම කාඩ්පත් ගෙවීම් කටයුතු සඳහා භාවිතා කිරීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවක් වී ඇත. මෙම ගෙවීම් කටයුතු සුමටව සිදු කිරීම සඳහා සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්‍රම සහ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට…

(0)Comments | August 5, 2019 10:59 am

දණගහපු, කඩාවැටුණ ආර්ථිකයක් සවිශක්තිමත් කරලා, එක් තැනකට සීමාවී තිබූ සංවර්ධනය රටේ සෑම කොනකටම ගෙනියන්න එජාපයට හැකි වුණා – රවී

“එදා මේ ජනතාවගේ සිතේ මහත් බියක් තිබුණා, ඔවුන්ව තමන් ජීවත් වූ නිවෙස් වලින් ඉවත් කරලා, ඉන්න හිටින්නට තැනක් නොමැති තත්ත්වයකට පත් කරයි කියලා. අද ඒ බිය නැති වෙලා තිබෙනවා. අපි එදා මොවුන් වෙනුවෙන් කරපු සටන අද දිනලා තිබෙනවා. නමුත් අපට මෙය මෙතනින් නවත්වන්න බැහැ. එදා පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරය තුලින් රටේ…

(0)Comments | August 2, 2019 2:51 pm

TATA වෙතින් වර්ග අඩි තිස්ලක්ෂයක කුඩා නගරයක් කොළඹට

කොළඹ කොම්පඤ්ඤවීදියේ මෙට්‍රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතියට යාබදව, ටාටා සමාගම විසින් වර්ග අඩි 300,000 ක කුඩා නගරයක් ඉදිකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (01) ඉන්දියානු ආධාර යටතේ කොළඹ, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ඉදිකරන ලද “මෙට්‍රෝ හෝම්ස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල්…

(0)Comments | August 2, 2019 12:49 pm

දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට සංවර්ධන අරමුදලක් – අගමැති

දේශීය ව්‍යාපාර ලෝකයේ තරඟකාරී ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය බැංකු ක්‍රමය හරහා පමණක් සිදු කළ නොහැකි බැවින් දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා සංවර්ධන අරමුදලක් පිහිටුවන බව පැවසීය. මේ වන විට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළ තුල අපට අවශ්‍ය මුදල් ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජපානයේ…

(0)Comments | August 2, 2019 11:57 am

ශ්‍රී ලංකාව හ‍ා නෙදර්ලන්තය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක්

2018 වර්ෂයේදී කෙන්යාවේ නයිරෝබිහිදී පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුති සාකච්ඡා සමුළුවේදී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ගුවන් සේවා කටයුතුවලට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයකට එළඹී ඇති අතර, දෙරට අතර ගුවන් සේවා ගිවිසුම සඳහා කෙටිසන් තබා ඇත. එමඟින් දක්වා ඇති ගුවන් මාර්ගයේ ශ්‍රී ලංකාව වෙත හා ශ්‍රී ලංකාවේ සිට ගමන් කිරීමට නෙදර්ලන්තයේ KLM Royal Dutch ගුවන්…

(0)Comments | August 1, 2019 1:15 pm

අභ්‍යන්තර ගුවන්තොටුපොළවලින් විදේශයන්ට පියාසර කිරීමට දේශසීමා පාලන විධිවිධාන සකස් කෙරේ

පසුගිය වසර කිහිපය තුළ, අභ්‍යන්තර ගුවන් සේවය වැඩිදියුණු කිරීමට රජය විසින් පියවර මාලාවක් ගෙන ඇත. ඒ ‍ය‍ටතේ මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමටත් රත්මලාන ගුවන්තොටුපොළේ සිවිල් ගුවන්සේවා පහසුකම් වැඩිදියුණු කිරීමටත් කටයුතු කර ඇති අතර පලාලි ගුවන්තොටුපොළ වැඩිදියුණු කිරීමට ද පියවර ගනිමින් ඇත. ඒ අනුව අදාළ ප්‍රමිතීන්ට අනුකූලව විදේශීය ගමනාන්තයන් වෙත පියාසර කෙරෙන කලාපීය වාණිජ ගුවන්සේවා මෙහෙයුම් ආරම්භ…

(0)Comments | August 1, 2019 11:48 am

කාර්යක්ෂම හා ඵලදායී මැතිවරණයකට, මැතිවරණ කොමිසමට කැබ් 14ක්

මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට, 2019 හා 2020 වර්ෂවලදී ජාතික මට්ටමේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතියි. ඒ අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකරලීමට හැකි වන පරිදි එම කොමිෂන් සභාව වෙත කැබ් රථ 14ක් සහ වෑන් රථයක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ…

(0)Comments | August 1, 2019 11:32 am

ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තිකයින්ට නිල හැඳුනුම්පතක්

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත ප්‍රජාව සදහා නිල හැඳුනුම්පතක් ලබා දීමට පියවර ගැනේ. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත. මේ අනුව පෙදරේරු කර්මාන්තය, වඩු කර්මාන්තය විදුලි කාර්මික ශිල්පී ආදී ක්ෂේත්‍රවල නිරත ප්‍රජාව සදහා මෙම හැඳුනුම්පත නිකුත් කෙරේ. විශේෂයෙන්ම මෙවැනි හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින්…

(0)Comments | August 1, 2019 11:17 am