ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත. IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු,…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ IMF නියෝජියන් අතර විශේෂ හමුවක් ඊයේ (08) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන් වෙත ඉදිරිපත් කළ අතර මෙහිදී, දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (08) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 65.24ක පහළ යාමක් දිනය තුළ වාර්තා කළ අතර අද දින ගනුදෙනු අවසානයේ දී එය ඒකක 22,097.99ක් ලෙසින් සටහන් වුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 15ක වර්ධනීය ගමන් මඟට විරාමයක් ලබාදෙමිනි….
2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක (04) කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව්තොග 04ක් මිල දී ගැනීම සඳහා, ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ…
රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019-09-17 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කරන ලදුව, ලංසුකරුවන් නවදෙනෙකු විසින් සිය ලංසු ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු ඇගයීමෙන් පසු අදාළ ලංසු ඇගයීමේ කමිටුව…
2025-01-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සේවා අපගමන බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත. එම බදු සහනය යටතේ ඇතැම් ගුවන්සේවා විසින් මේ වන විටත් එම ගුවන්තොටුපොළ වෙත සහ ඉන් පිටතට නිශ්චිත ගුවන් ගමන් වාර සහිතව ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,178 සිට ඩොලර් මිලියන 6,243 ක් දක්වා 1.1% ක ඉහළ යාමක් වාර්තා කර තිබේ. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වන රන් සංචිතය 2025 සැප්තැම්බර් මාසය තුළ දී 11.9% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට…
ශ්‍රී ලාංකීය ආර්ථිකයේ ජීවනාලිය ලෙසින් මෙරට ව්‍යාපාරවලින් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) අංශයයි. එම අංශය හමුවේ පවතින ප්‍රධාන ගැටලුවක් නම්, ඔවුන්ටම ගැළපෙන ඩිජිටල් සේවාවන් හා Apps භාවිත කිරීමට ඇති ඉඩකඩ සිමා සහිත වීමයි. එවැනි ඩිජිටල් මෙවලම්වලින් වැඩි ප්‍රමාණය, ඉංග්‍රීසි භාෂාව කතාකරන ව්‍යවසායකයින් සඳහා පහසු වන පරිදි විශේෂයෙන්ම සකස් කර ඇති…
කාන්තා කළමනාකරණ ආයතනය විසින් සංවිධාන කරන ලද “ක්ෂුදු, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායක – 2025” සම්මාන උලෙළ ඊයේ (07) කොළඹ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එක්විය. මීට අමතරව තවත් ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී මෙරට ජාතික මට්ටමේ සහ අපනයන මට්ටමේ ව්‍යවසායිකාවන් තෝරාගෙන…
ලෝක රන්මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 4000 සීමාව පසු කිරීමට සමත් වී ඇත. එලෙස ලෝක රන්මිල ඉහල යාමත් සමග අද (08) උදෑසන වන විට මෙරට රන් මිල ද ඊයේ දිනයට සාපේක්ෂව රු. 6000/= ඉහළට ගොස් ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල දැක්වෙනුයේ රු. 322,000ක් ලෙසයි. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ…
Video Story