ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඩිජිටල් ප්‍රවර්ධනය ශක්තිමත් කරමින් ලිලී ලංකා LilyLanka වේදිකාව (SLTDA Registered Sri Lanka Travel & Hotel Booking Platform) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ දී ඇරඹිණි. සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගෝලීය සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් හැඩගැසී ඇත්තේ සංචාරකයින් ගමනාන්ත සොයා ගන්නා…
සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලියාපදිංචි විය යුතු ආකාරය පිළිබඳ නිවේදනයක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. එම අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් විසින් ලබා දී ඇති https://tinyurl.com/85unba68 යන සබැඳිය ඔස්සේ තම ඉන්ධන අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි.
ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ 2024/25 වසර සදහා වන ජාතික අවදානම් ඇගැයීමේ සංක්ෂිප්ත වාර්තාව නිකුත් කරයි රාජ්‍ය සංවිධාන, නියාමන ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන 86ක සහයෝගීත්වය ඇති ව ශ්‍රී ලංකාව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ ජාතික…
බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම ගුවන් සේවා සමාගමක් වන British Airways ගුවන් සේවය 2026 වසරේ ශීත ඍතුව සඳහා තම ගුවන් සේවා ජාලය තව දුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් සිය නව ගමනාන්ත ලෙස නම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ශ්‍රී ලංකාවේ කොළඹ යි. ඒ අනුව මෙම British Airways ගුවන් යානා ඔක්තෝබර් 23 වන දා සිට London…
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයන්ට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සිය සහාය ලබාගත හැක. 076 000 1919 යන WhatsApp අංකය වෙත ඔබගේ වාහන අංකය (Vehicle Number) ටයිප් කර…
Facebook, WhatsApp සහ වෙනත් සමාජ මාධ්‍ය පදනම් හරහා සිදුකරන වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන්නැයි ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. හඳුනන හෝ නොහඳුනන දුරකථන අංක ඔස්සේ, ව්‍යාජ දීමනා පිළිබඳව තොරතුරු සහිතව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ නම, ලාංඡනය හෝ සන්නාමය අවභාවිතා කරමින් වංචනික පුද්ගලයන් මෙබඳු ක්‍රියාවල නිරත වන බව නිරීක්ෂණය වී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය කිසිදු අවස්ථාවක සමාජ…
අද (18) උදෑසන වන විට ගෝලීය බොරතෙල් බැරලයක මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී ඇත්තේ ඉරාක් රජය සහ කුර්දි පාලන බලධාරීන් අතර තුර්කියේ ජෙයිහන් වරාය හරහා තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට ගත් එකඟතාවය යි. කෙසේ වෙතත්, ඉරාන යුධ ගැටුම තවදුරටත් තීව්‍රව පවතින අතර, එමගින් මැදපෙරදිග තෙල් අපනයන…
2025 වසර සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, 2025 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2024 වසරට සාපේක්ෂව සියයට 5ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙසේ…
රජය විසින් හෙට (18 බදාදා) දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන පසුබිමක මෙරට බැංකු කිහිපයක් හෙට දිනයේ සිය ශාඛා විවෘතව තබන වේලාවන් පිළිබඳව දැනුම් දී සිටී. ඒ අනුව මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, DFCC බැංකුව සහ NDB බැංකුව සිය සමාජ මාධ්‍ය ජාල හරහා දන්වා සිටින්නේ, පවතින තත්ත්වය තුළ නැවත දැනුම් දෙන තුරු හෙට…
අපනයන ක්ෂේත්‍රය ප්‍රමුඛ කාර්යයක් සේ සලකා අපනයනකරුවන්ට අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම, කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශ විසින් මේ වන විට සිදුකරමින් පවතින බවත්, මේ දක්වා එම තොරතුරු ලබා දී නොමැති අයෙක් වේ නම් වහාම එම…
Video Story