අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමට දුන් කාලය මාසයකට සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

    June, 9, 2026

    ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්හට සිය අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු ඒවා රුපියල් බවට පරිවර්තනය කර ගැනීම සඳහා දී තිබූ කාලය සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව ඔ්නෑම මසක් තුළ, අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් ගැසට් පත්‍රයේ සඳහන් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව, ශේෂය එළැඹෙන මාසයේ දහවන (10) දින හෝ ඊට ප්‍රථම රුපියල් බවට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතු බවට අදාල ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    මීට පෙර නිකුත් කරන ලද අදාළ කාලසීමාව, අවසරලත් ගෙවීම් සිදුකිරීමෙන් පසු, ශේෂය එකී ආදායම ලද මාසය ද ඇතුළුව ලිත් මාස තුනක් (03) ඉකුත් වීමෙන් පසුව එළැඹෙන මාසයේ දහවන දින (10) හෝ ඊට ප්‍රථම යනුවෙන් සඳහන්ව තිබුණි.

    මෙම නව රීති පාර්ලිමේන්තුව විසින් අනුමත කළ දිනයේ සිට බලපැවැත්වෙනු ඇත.

    අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates