June, 10, 2026
ඉන්දීය සාගරයේ නවතම ආශ්චර්යය ලෙස සැලකෙන 'Central Park Boulevard Port City Colombo' ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදක්වමින්, ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම දියත් කිරීමේ උළෙල සනිටුහන් කිරීමට Home Lands සමූහය සූදානම් වේ. “The Grand Launch Weekend” ලෙස නම් කර ඇති මෙම උත්සව මාලාව, 2026 ජූනි 12 සිට 14 දක්වා 'Cinnamon Life at City of Dreams' හි 'Lumina' උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම සුවිශේෂී සති අන්තය 2026 ජූනි 12 වැනි සිකුරාදා දින පැවැත්වෙන “The Night of Emeralds” සමාරම්භක උත්සවයෙන් ආරම්භ වන අතර, එහිදී 'Central Park Boulevard Port City Colombo' ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදැක්වීමට නියමිත ය. අති උත්කර්ෂවත් මෙම සමාරම්භක රාත්‍රිය සඳහා මෙරට සහ විදේශයන්හි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන්, කලාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද ඇතුළු සුවිශේෂී ආරාධිතයන් රැසක් සමඟින් සුප්‍රකට බොලිවුඩ් තරු ද සහභාගී වීමට නියමිතය. ජූනි 13 සෙනසුරාදා දින උදෑසන, සන්ධ්‍යා සහ රාත්‍රී භෝජන සංග්‍රහයන්ගෙන් සමන්විත විශේෂ හමුවීම් මාලාවකින් ද, ජූනි 14 ඉරිදා දින "The Boulevard Evening" විශේෂ රාත්‍රියෙන් ද මෙම උත්කර්ෂවත් උත්සව මාලාව සමන්විත වේ. මෙමඟින් පැමිණෙන අමුත්තන්ට ව්‍යාපෘතිය පිළිබඳව වඩාත් සමීපව අධ්‍යයනය කිරීමටත්, ඉතා සුහදශීලී වටපිටාවක Home Lands කණ්ඩායම සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සැලසේ. මෙම ව්‍යාපෘතියේ සුවිසල් බව, වටිනාකම සේම වැදගත්කම ද මනාව පිළිබිඹු කරමින්, මෙම එළිදැක්වීම හුදෙක් ව්‍යාපෘතියක් හඳුන්වා දීමකට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවන සුවිසල්ම නිවාස ව්‍යාපෘතියට ගැළපෙන ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සියල්ල සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ මෙවැනි, අහස සිසාරා විහිදෙන මහල් නිවාස ව්‍යාපෘතියක්, ලොව සුප්‍රකට සුඛෝපභෝගී ජීවන රටා සන්නාමයක ආභාෂය ද නිමවන පළමු අවස්ථාව මෙය වන අතර, එමඟින් මෙරට සුඛෝපභෝගී ජීවන රටාව නව මානයකට ඔසවා තැබෙනු ඇත. Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතිය ජාත්‍යන්තර තලයේ අතිසුඛෝපභෝගී පහසුකම් සහ ඉහළ වටිනාකම් රැසකින් සමන්විත වේ. කොළඹ වරාය නගරයේ 'Central Park District' කලාපයේ පිහිටි තට්ටු 37කින් යුත් මෙම ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණය කොළඹ වරාය නගරයේ වඩාත්ම සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නිසැකය. අක්කර 40කට ආසන්න සශ්‍රීක හරිත උද්‍යානයකට සහ මනරම් ජල තීරුවකට මුහුණලා පිහිටි මෙහි සිට ඉන්දියන් සාගරයේ සුන්දරත්වය සේම සැඳෑ හිරු බැසයන දර්ශනයේ චමත්කාරය අත්විඳින්නට අවස්ථාව හිමි වේ. මෙහි නවීන වාස්තු විද්‍යාත්මක සැලසුම මධ්‍යම උද්‍යානයේ ස්වභාවික පරිසරය සමඟ මැනවින් බද්ධ වී ඇති අතර, අනාගත ලෝකය වෙනුවෙන් තැනෙන නගරයක් තුළ නිදහස් නිස්කලංක පසුබිමක් නිර්මාණය කරයි. මෙම ව්‍යාපෘතිය නවීන ජීවන රටාවන්ට ගැළපෙන පරිදි ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද නිවාස 640කට අධික එකතුවකින් සමන්විත වේ.
ඉහළ ජීවන තත්ත්වයකට අමතරව, Central Park Boulevard ව්‍යාපෘතිය සුවිශේෂී ආයෝජන වටිනාකමකින් ද යුක්ත වේ. මෙම සුවිශේෂී ද්විත්ව කුළුණු ව්‍යාපෘතිය හරහා විශාල වශයෙන් විදේශ විනිමය මෙරටට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිත අතර, එහි සමස්ත ව්‍යාපෘති වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙහිදී Home Lands සමූහය විසින් සිදු කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනය, ශ්‍රී ලාංකික තනි දේපළ වෙළඳාම් සංවර්ධකයෙකු විසින් මෙරට සිදු කළ විශාලතම ආයෝජනය ලෙස සනිටුහන් වේ. ආයෝජකයින් මෙම ව්‍යාපෘතිය කෙරෙහි තබා ඇති ඉහළ විශ්වාසය මනාව කියාපාමින්, ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමටත් පෙර මෙහි ඇති මුළු නිවාස ඒකකවලින් 50%ක්ම මේ වන විටත් විකිණී අවසන් වී ඇත. මෙමඟින් වෙළඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ ව්‍යාපෘතිය සතු ආකර්ෂණීය ආයෝජන වටිනාකම මනාව තහවුරු වේ.
මෙම සුවිශේෂී සති අන්තයට පෙර, හෝම් ලෑන්ඩ්ස් සමාගම විසින් ලෝක ප්‍රකට ක්‍රිකට් පුරාවෘත්තයක් වන මහේල ජයවර්ධන මහතා තම සන්නාම තානාපතිවරයා ලෙස පත් කර ඇති අතර, එය දෙපාර්ශ්වය සතු විශ්වාසය, විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර පිළිගැනීම යන පොදු වටිනාකම් මනාව සංයෝජනය වීම පිළිබිඹු කරයි.
මෙම එළිදැක්වීමේ සති අන්තයෙන් පසුව, හෝම් ලෑන්ඩ්ස් සමාගම විසින් 2026 ජූනි 15 වැනි සඳුදා දින Central Park Boulevard Port City Colombo නිල තොරතුරු සහ අලෙවි මධ්‍යස්ථානය මහජනතාව සඳහා විවෘත කරනු ඇත. මෙමඟින් පැමිණෙන අමුත්තන්ට ව්‍යාපෘතිය පිළිබඳ පුළුල් අදහසක් ලබා ගැනීමටත්, ආයෝජනය කිරීම පිළිබඳ උපදේශනය ලබා ගැනීමට සේම, මෙම සුවිසල් ව්‍යාපෘතියෙන් ගොඩනැගෙන අසමසම ජීවන රටාව පිළිබඳව සෘජුවම අත්දැකීම් ලබා ගැනීමට ද අවකාශය සැලසේ. ඒ ඔස්සේ කොළඹ වරාය නගරයේ නිර්මාණය වන අති සුඛෝපභෝගී ජීවිතයේ අනාගතය කෙබඳුදැයි සියැසින්ම දැකබලා ගැනීමට අවස්ථාව මෙහිදී හිමිවේ.
Video Story