ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata X11M පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීම සඳහා යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අගෝස්තු 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක්…
මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට අයහපත් බලපෑම් ඇති විය හැකි අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වී ඇත. ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වශයෙන් ශ්‍රී ලංකාව බලශක්ති ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබන මුදල් ප්‍රේෂණ සහ එම කලාපය සමඟ ඇති වානිජ හා අයෝජන සම්බන්ධතා මත රඳා පැවතීම හේතුවෙන් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය…
ඊයේ (09) දිනයේ දී ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් හි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා විය. එහිදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 115 සීමාව දක්වා ඉහළ ගියේ වසර 3 1/2කට පසුව පළමු වරට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසු කර යාම සනිටුහන් කරමිනි. කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ මැදපෙරදිග යුද්ධය ඉක්මනින් අවසන් කරන…
මැදපෙරදිග හටගෙන ඇති යුධමය තත්ත්වය හමුවේ සිය සියලුම ගුවන් ගමන් ගාස්තු ඉහළ දමා ඇති බවත්, ඉදිරියේ දී තව දුරටත් මිල සංශෝධනයන් සිදු කිරීමට ඉඩ ඇති බවත් Air New Zealand ගුවන් සමාගම පවසයි. මැදපෙරදිග යුධමය තත්ත්වය ඇති වීමට පෙර ගුවන් යානා ඉන්ධන බැරලයක් ඇමෙරිකානු ඩොලර් 85 – 90 අතර මිලක පැවති බවත් මේ වන විට එය…
ඊයේ (09) දිනයේ දී ඒකක 700ක් ඉක්මවා පහළ ගිය කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද පෙරවරුවේ මුල් පැය 2 තුළ දී ඒකක 400ක් ඉක්මවා ගිය වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි. ගෝලීය ඛනිජ තෙල් මිල ගණන් සීඝ්‍ර ඉහළ යෑමක් ඊයේ (09) දින වාර්තා වූ අතර ඒත් සමඟම මැදපෙරදිග දිනෙන් දින උණුසුම් වන යුධමය…
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ හයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ 2026 ජනවාරි 01 සිට මාර්තු 8 දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 604,301ක් බවයි. එහිදී 2026 මාර්තු 01 සිට 08 දක්වා…
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව මෙතෙක් කලක් ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට එහි මෙහෙයුම් සමාගම් 6කට පැවරෙනු ඇත. එනම්, 1. National System Operator (Pvt) Limited 2. Electricity Generation Lanka (Pvt) Limited 3. National Transmission Network Service Provider (Pvt) Limited 4. Electricity Distribution Lanka (Pvt) Limited 5. Energy Ventures Lanka (Pvt)…
ශ්‍රී ලාංකේය බියර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DCSL Breweries Lanka Limited සමාගම, තමන්ගේ නවතම සන්නාමය වන “Aliya Beer” ලෝක වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. දේශීය වෙළඳපොළ තුළ පාරිභෝගික ආකර්ෂණය දිනාගත් Aliya Beer, මෙලෙස අපනයන වෙළඳපොළට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑ අනන්‍යතාවය සහ ගුණාත්මකභාවය ලොවට හඳුන්වා දීමේ අරමුණෙනි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති Aliya Beer, එහි ‘Lager’ සහ ‘Strong’…
දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ සම්බන්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2026’ (Sri Lanka Expo 2026) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම දැවැන්ත ප්‍රදර්ශනය 2026 ජූනි 18 සිට 21 දක්වා දින හතරක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී…
වසර තුනහමාරකට පසු ඊයේ (09) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා විය. කෙසේ වෙතත් අද (10) වන විට ලෝක බොර තෙල් මිලෙහි 6% ඉක්ම වූ පහළ යාමක් වාර්තා වී ඇත. එලෙස තෙල් මිල පහළ යාමට හේතු වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට…
Video Story