දිනෙන් දින උත්සන්න වන මැදපෙරදිග අර්බුදය හමුවේ මේ වන විට ගෝලීය ආර්ථිකය බරපතළ අවදානමකට ගොදුරුව ඇත. එහි හරස්කඩක් බඳු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ද නිරන්තරයෙන් ඊට ප්‍රතිචාර දක්වමින් දිනපතා විශාල උච්ඡාවචනයක් ප්‍රදර්ශනය කරමින් සිටී. අද (12) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 363.43ක පහළ යාමක් වාර්තා කර තිබෙන අතර නැවත වතාවක් ඒ අනුව…
2026 සිට 2029 දක්වා කාලසීමාව තුළ දී වාර්ෂිකව ඩොලර් බිලියන 1කට වඩා ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් සිටින බව ප්‍රකාශය කරයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය දා ආසියානු සංවර්ධන බැංකුවේ ආරාධනය මත පිලිපීනයේ නිල සංචාරයක නිරතවූ අතර එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා හමු වී සාකච්ඡා පවත්වන ලදී. ආසියානු සංවර්ධන…
අද (12) පෙරවරුවේ දී (ශ්‍රී ලංකා වේලාවෙන්) වාර්තාගත ලෙස ඉහළ ගිය බොරතෙල් මිල ගණන් මේ වන විට (පස්වරු 1.30) නැවත වතාවක් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එහිදී ඩොලර් 100 ඉක්මමවා ගොස් තිබුණු බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 මට්ටමට පැමිණ තිබුණි. උදෑසන ඩොලර් 95 මට්ටමේ පැවති WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 මට්ටමට…
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අපනයන සමාගම් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් විශේෂ හමුවක් පවත්වන ලදී. අපනයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ අනෙකුත් අදාළ ආයතන හරහා ලබා දිය හැකි සහයෝගය සහ සහන හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ…
අද (12) පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා විය. අද පෙරවරු 11.00 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 259කින් සහ S&P SL20 දර්ශකය ඒකක 75කින් පහළ ගොස් තිබුණි. රු. බිලියන 1.59ක ගනුදෙනු පිරිවැටුමක් ඒ වන විට වාර්තා වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්, ‘2026 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව’ පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත. ශක්තිමත් සාර්ව ආර්ථික පදනම සහ විනයගරුක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මගින් ගොඩනැගුණු මෙම සමුළුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ESCAP ආයතනය සමඟ එක්ව සංවිධානය කරනු ලබයි. එය…
අද (12) දිනයේ දී ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවත වතාවක් සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද (12) පෙරවරුව 10.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 ක් දක්වා 7.95%කින් ද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් ඉක්මවා 8.88%කින් ද ඉහළ ගොස් තිබුණි. මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය…
කුන්මිං ජෛව විවිධත්ව අරමුදල (KBF) යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලැබී ඇත. එමගින්, කුන්මිං-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව (Global Biodiversity Framework) ක්‍රියාත්මක කිරීමට යොමු වූ ලොව ප්‍රථම රටවල් කිහිපය අතරට එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී තිබේ. ගෝලීය ජෛව විවිධත්ව සම්මුති, ජාතික ක්‍රියාමාර්ග බවට පත් කිරීමේ ක්‍රියාවලියෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය හැඳින්විය…
ඩයලොග් 5G හඳුන්වාදීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස, Ericsson සමාගම 5 GHz සංඛ්‍යාත ප්‍රේක්ෂාවලිය (Spectrum) මත 5G RAN තාක්ෂණය දියත් කිරීමට සහයෝගය ලබා දෙයි Ericsson (NASDAQ: ERIC) සමාගම, ශ්‍රී ලංකාවේ අංක 1 සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසියාටා සමාගමේ 5G Radio Access Network (RAN) තාක්ෂණය දියත් කිරීම සඳහා එම සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව,…
අද (11) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.97ක පහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,351.55ක් ලෙසින් සටහන් විය. දිනය තුළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය භාගය තුළ දී ඒකක 22,500 ක් ඉක්මවා ඒකක 150කට ආසන්න අගයයකින් සියලු කොටස් මිල දර්ශකයේ ධන වර්ධනයක් දකිනු හැකි…
Video Story