Top News

මාස 06කට පසු කොටස් වෙළෙඳපොළ 21,000න් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (16) දිනයේ දීද වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,000 මට්ටමින් පහළට පැමිණි අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය අගය ඒකක 20,939.26ක් ලෙසින් සටහන් විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,000 මට්ටමින් පහළට පැමිණියේ 2025 සැප්තැම්බර් 18 දිනෙන් පසුව පළමු වරට…

(0)Comments | March 16, 2026 4:08 pm

Thurulie ආයතනයේ නිෂ්පාදන මෙහෙයුම් වෙනත් ස්ථානයකට රැගෙන යාමට MAS සමූහය තීරණය කරයි

2025 නොවැම්බර් අගභාගයේදී ඇති වූ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන්, තුරුලි (Thurulie) කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් MAS සමූහයට අයත් අනෙකුත් තදාසන්න කර්මාන්තශාලා වෙත රැගෙන යාමට  MAS සමූහයේ කළමනාකාරීත්වය තීරණය කර තිබෙන බව අද (16) දින එහි සේවක මණ්ඩලයට දැනුම් දී තිබේ. තුල්හිරියේ පිහිටි MAS ෆැබ්රික් පාක් (MAS Fabric Park – MFP) තුළ…

(0)Comments | March 16, 2026 3:17 pm

නාගරික සංවර්ධන අධිකාරියෙන් “Mother Lanka” අද සිට

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සේවාවන්, සංවර්ධන ව්‍යාපෘති වඩාත් කාර්‍යක්ෂමව හා ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා හඳුන්වා දී ඇති Mother Lanka Digital වේදිකාව නිල වශයෙන් හඳුන්වා දීම විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින(16) බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ. මෙම අන්තර් ක්‍රියාත්මක වේදිකාව…

(0)Comments | March 16, 2026 1:08 pm

මැදපෙරදිග යුධ බලපෑම හමුවේ සංචාරක පැමිණීමේ 25%-30%ක පහළ යාමක් – සංචාරක නි. ඇමති

මැදපෙරදිග පවතින් යුධමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ 25%ත් 30%ත් අතර අඩුවක් දක්නට ලැබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද(16) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක් වූ අවස්ථාවේ දී යි. කෙසේ වෙතත් යුරෝපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ කිසියම් අඩුවක් දක්නට ලැබුන ද, ඔ්මානයේ මස්කට් හරහා, ඊජිප්තුවේ කයිරෝ හරහා,…

(0)Comments | March 16, 2026 12:52 pm

ඉන්දියාවේ Mazagon Dock Shipbuilders කළම්බු ඩොක්යාර්ඩ් 51%ක බහුතර කොටස් අයිතිය තහවුරු කර ගනී

කොළඹ නැව්තටාකාංගන සමාගමේ (Colombo Dockyard PLC) 51%ක බහුතර කොටස් හිමිකාරීත්වය තහවුරු කර ගත් බව Mazagon Dock Shipbuilders Limited නිවේදනය කර සිටී. මීට පෙර Colombo Dockyard PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය ජපානයේ ONOMICHI DOCKYARD COMPANY LIMITED සතුව පැවති අතර ඔවුන් එම ආයෝජනයෙන් ඉවත් වීමට ගත් තීරණය අනුව හිමිකම් නිකුතුවක් හරහා Colombo Dockyard PLC හි පාලක කොටස් අයිතිය…

(0)Comments | March 16, 2026 11:11 am

2026 මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ සමීක්ෂණය සාර්ථකව පැවැත්වීම සඳහා ජනතාවට සිය සහයෝගය ලබා දෙන ලෙස මහ බැංකුවෙන් ඉල්ලීමක්

මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි දෙවන අදියර සංවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ දත්ත සහ තොරතුරු රැස් කිරීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත. මූල්‍ය උපකරණ හා සේවා පිළිබඳ දැනුම්වත්භාවය, ඒවායේ භාවිතරටාවන් සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමට ඇති බාධාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ…

(0)Comments | March 16, 2026 10:58 am

මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී…

(0)Comments | March 16, 2026 10:17 am

මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්

මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යා‍මේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු වූ අතර එක් එක් ක්ෂේත්‍රය තුළ…

(0)Comments | March 15, 2026 4:56 pm

සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් මෙරටට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියහ. ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ ආගමනය සහ විකාශනය, පාරම්පරික සංස්කෘතිය, ආයුර්වේදය, සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, ආහාර රටාව, ආර්ථික බෝග ආදිය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ…

(0)Comments | March 15, 2026 3:58 pm

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 12 වනදා පැවැත්විණි. ‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහාය…

(0)Comments | March 15, 2026 2:02 pm