ඩිජිටල් සේවාවන් කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීම සහ ආසියා-ශාන්තිකර (APAC) කලාපය තුළ වර්ධනය වෙමින් පවතින මූල්ය වංචා හා කූටෝපායන්ට (Scams and Fraud) විසඳුම් සෙවීම අරමුණු කරගත් විශේෂ රාජ්යතාන්ත්රික සාකච්ඡාවක් 2026 ජූනි 25 වන දින චීනයේ ෂැන්හයි නුවර, කෙරී හෝටල් (Kerry Hotel) පරිශ්රයේදී සාර්ථකව පවත්වන ලදී. GSMA ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව, “MWC Shanghai…
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF)නියෝජිතයින් පිරිසක් ඊයේ (25) රේගු දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ ප්රගති සමාලෝචන රැස්වීම ඊයේ (25) දහවල් පැවති අතර ජාත්යන්තර මූල්ය අරමුදලේ දූත පිරිස වෙනුවෙන් Andrew Okello, Cindy Negus, Greg Topping, Philip Griffiths, Bob Hamilton, Maureen Kidd යන මහත්ම මහත්මීන් සහ ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට එකී ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්රියාකාරීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් අද (25) දින වාර්තා විය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.46ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 61.10ක ඉහළ යාමක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,407.04ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 6,242.75ක්…
ශ්රී ලංකාව සහ වියට්නාමය අතර ප්රථම සෘජු ගුවන් සම්බන්ධතාවය ලෙස, 2026 අගෝස්තු 18 දින සිට වියට්ජෙට් සමාගම මගින් කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කොට තිබේ. ඒ සඳහා විශේෂ සමාරම්භක ගාස්තු යටතේ මේවන විටත් ආසන වෙන්කරවා ගැනීම් ආරම්භ ඇති අතර මෙම ගුවන් සම්බන්ධතාවය දෙරට අතර සංචාරක,…
ශ්රී ලංකා රුපියල මත ඇති විනිමය පීඩනය නැවත වරක් තීව්ර කරමින් ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (25) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 332.34ක් සහ රු. 342.03ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (24) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 330.35ක් සහ විකුණුම් මිල රු….
උද්ධමන සමාලෝචන ක්රියාවලියේ කොටසක් ලෙස, උද්ධමන ඉලක්කය සහ ඒ ආශ්රිත පරාමිතීන් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලෙස ශ්රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීම් කරයි. මෙම සමාලෝචන ක්රියාවලියට සහ උද්ධමන ඉලක්කය තීරණය කිරීම සඳහා මහජනතාවගේ අදහස් උපකාරී වනු ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී. මෙම අදහස් විමසීම 2026 ජූලි 15 දින දක්වා සිදුකරන…
ඉන්ධන මිල තීරණය කිරීමේ දී ලොව ප්රධානතම මිනුම් ලකුණක් ලෙසින් පිළිගැනෙන බ්රෙන්ට් බොර තෙල් මිල අද (25) වන විට බැරලයක් ඩොලර් 72.60 මට්ටම දක්වා අඩු වී තිබේ. මැදපෙරදිග යුද්ධය ඇරඹි 2026 පෙබරවාරි 28 දිනට පෙර පැවති මට්ටමට දක්වා ඒ අනුව බ්රෙන්ට් බොර තෙල් මිල පහළ ගොස් ඇත. මේ අතර ඇමරිකානු WTI බොර තෙල් මිල අද…
භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්රේඩර්ස් සංගමය (CMTA), ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. පවතින ක්ෂයවීම් ක්රමවේදය හේතුවෙන් 2025 වසරේ පමණක් රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 40ක් පමණ වන බව…
පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ ශ්රී මිලින්ද මොරගොඩ මහතා විසින් දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්ය ලේකම් ආචාර්ය එස්. පෝල් කපූර් මහතා වෙනුවෙන් විශේෂ සාකච්ඡා හමුවක් (2026 ජූනි 23) පවත්වන ලදී. මෙම හමුව සඳහා විදේශ රාජ්ය දූත මණ්ඩල ප්රධානීන්, ප්රතිපත්ති විශේෂඥයන්, ප්රමුඛ ව්යාපාරික නායකයන්, සහ ශ්රී ලංකා ආර්ථිකයේ ප්රධාන අංශ…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) දිනයේ දී ඒකක 47.91ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,208.58ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශක අගය දිනය තුළ ඒකක 12.00කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,181.65ක් ලෙසින් වාර්තා වී තිබුණි. අද…
Video Story