June, 25, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් අද (25) දින වාර්තා විය.
අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.46ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 61.10ක ඉහළ යාමක් වාර්තා කරන ලදී.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,407.04ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 6,242.75ක් ලෙසත් සටහන්ව තිබුණි.
අද දින රු. බිලියන 2.72 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
Video Story