Facebook, WhatsApp සහ වෙනත් සමාජ මාධ්‍ය පදනම් හරහා සිදුකරන වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන්නැයි ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. හඳුනන හෝ නොහඳුනන දුරකථන අංක ඔස්සේ, ව්‍යාජ දීමනා පිළිබඳව තොරතුරු සහිතව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ නම, ලාංඡනය හෝ සන්නාමය අවභාවිතා කරමින් වංචනික පුද්ගලයන් මෙබඳු ක්‍රියාවල නිරත වන බව නිරීක්ෂණය වී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය කිසිදු අවස්ථාවක සමාජ…
අද (18) උදෑසන වන විට ගෝලීය බොරතෙල් බැරලයක මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී ඇත්තේ ඉරාක් රජය සහ කුර්දි පාලන බලධාරීන් අතර තුර්කියේ ජෙයිහන් වරාය හරහා තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට ගත් එකඟතාවය යි. කෙසේ වෙතත්, ඉරාන යුධ ගැටුම තවදුරටත් තීව්‍රව පවතින අතර, එමගින් මැදපෙරදිග තෙල් අපනයන…
2025 වසර සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, 2025 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2024 වසරට සාපේක්ෂව සියයට 5ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙසේ…
රජය විසින් හෙට (18 බදාදා) දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන පසුබිමක මෙරට බැංකු කිහිපයක් හෙට දිනයේ සිය ශාඛා විවෘතව තබන වේලාවන් පිළිබඳව දැනුම් දී සිටී. ඒ අනුව මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, DFCC බැංකුව සහ NDB බැංකුව සිය සමාජ මාධ්‍ය ජාල හරහා දන්වා සිටින්නේ, පවතින තත්ත්වය තුළ නැවත දැනුම් දෙන තුරු හෙට…
අපනයන ක්ෂේත්‍රය ප්‍රමුඛ කාර්යයක් සේ සලකා අපනයනකරුවන්ට අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම, කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශ විසින් මේ වන විට සිදුකරමින් පවතින බවත්, මේ දක්වා එම තොරතුරු ලබා දී නොමැති අයෙක් වේ නම් වහාම එම…
සාර්ව මූල්‍ය තත්ත්වයන් විදේශීය අංශයන්හි අවදානම් සැලකිය යුතු මට්ටමක පැවතිය ද අඛණ්ඩ ණය ප්‍රසාරණයට සහාය දක්වමින් 2025 වසරේ දී, දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් විය. 2025 වසර අවසානය වන විට බැංකු සහ මුදල් සමාගම් එක්ව ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය ඉහළයාමත් සමග ණය වර්ධනය සැලකිය යුතු ලෙස වේගවත් විය. ශක්තිමත් වූ පෞද්ගලික අංශ ණය…
ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ (NPCI), ජාත්‍යන්තර අංශය වන NPCI International (NIPL) ආයතනය, ශ්‍රී ලංකාව පුරා වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක UPI ගෙවීම් පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සැලසීම සඳහා වන සිය කැපවීම නැවත අවධාරණය කර ඇත. මෙමගින් ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී ගෙවීම් කිරීම පහසු කිරීමට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීමට සහ දෙරට අතර පවතින ආර්ථික…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 521.17කින් අද (17) දින පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,418.09ක් ලෙසින් වාර්තා විය. කොළඹ කොටස් වෙළෙඳපොළේ අඛණ්ඩ පහළ යාමක් වාර්තා වූ පස්වන දිනය අදයි. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 123.94ක පහළ යාමක් වාර්තා කළ අතර දිනය…
යුධමය වාතාවරණය හේතුවෙන් උද්ගතව ඇති තෙල් අර්බුදය හමුවේ ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (17) සිවිල් ගුවන්සේවා අධිකාරිය පරිශ්‍රයේදී පැවැත්විණි. මේ වන විට පවතින ගුවන්යානා ඉන්ධන සංචිත ප්‍රමාණය සහ පවතින ගුවන්යානා ඉන්ධන කළමනාකරණය කිරීම පිළිබඳව දීර්ඝ…
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වීම මත කුඩා ප්‍රමාණයේ විවෘත ආර්ථිකයක් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රයන් විවිධ බලපෑම්වලට නිරාවරණය වී ඇත. එබැවින්, ශ්‍රී ලංකාවට බලපාන අනපේක්ෂිත අවදානම් සම්බන්ධයෙන් කඩිනම් හා ප්‍රගතිශීලී පියවරයන් ගැනීම, වෙළෙඳපොළ තත්ත්වයන් ස්ථාවර කිරීම සහ පුරවැසියන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාම සුරක්ෂිත කිරීමට කාලෝචිත මැදිහත්වීම් කඩිනමින්…
Video Story