Top News

කොළඹ උද්ධමනය 6% ඉක්මවා යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ දැමීමේ බලපෑම පිළිබිඹු කරමින්, 2026 ජුනි මාසයේ දී, අපේක්ෂා කළ පරිදි තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 මැයි මාසයේ දී වාර්තා වූ සියයට…

(0)Comments | June 30, 2026 3:19 pm

භාණ්ඩ ආනයනය මුවාවෙන් රටින් ඩොලර් පැන්නූ සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළිවෙයි. අඩුවෙන් වටිනාකම දක්වා භාණ්ඩ ගෙන්වන ආනයනකරුවන්ටත් රේගුවෙන් රතු එළියක්

පසුගිය දා මාධ්‍ය විසින් වාර්තා කරන ලද රු. කෝටි 21,000ක මුදලකට සමාන ඩොලර් ප්‍රමාණයක්, භාණ්ඩ ආනයනය මුවාවෙන් මෙරටින් බැහැරට ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි. අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසූ අතර වැඩදුරටත් ඔහු කියා සිටියේ,…

(0)Comments | June 30, 2026 1:34 pm

‘බදු ශක්ති‘ ජාතික බදු සතිය ජූලි 06 ඇරඹෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස්කිරීමේ කාර්යයේ නිරත ප්‍රධාන දෙපාර්තමේන්තු ත්‍රිත්වය සමග එක්ව, ‘බදු ශක්ති‘ නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. 2026 ජූලි 06 වෙනිදා සිට 2026 ජූලි 10 වන දින දක්වා මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා…

(0)Comments | June 30, 2026 12:46 pm

ශ්‍රී ලංකාවේ අමන්ගල්ල ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී හෝටල් 100 අතරට

Travel And Tour World (TTW) විසින් 2026 වසර සඳහා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී හෝටල් 100 නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අපට මෙහි ඇති විශේෂත්වය නම්, ගාල්ලේ පිහිටි අමන්ගල්ල හෝටලය මෙම ලැයිස්තුවේ 64 වෙනි ස්ථානයට පත්ව තිබීමයි. ගාලු පුරවරයේ ගාලු කොටුවට සමීපව පිහිටි අමන්ගල්ල හෝටලය, නිරන්තරයෙන් සුඛෝපභෝගී ආගන්තුක සත්කාරයන් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ පෙළේ විදෙස් සංචාරකයින්ගේ…

(0)Comments | June 30, 2026 10:57 am

ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් හලාවත දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්‍රයේදී පවත්වන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරු මැද පළාත් නියෝජනය කරමින් අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ. ප්‍රාදේශීය අපනයන…

(0)Comments | June 30, 2026 10:55 am

2026 දී රුපියල 8%කින් අවප්‍රමාණය වෙලා

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සියයට 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙන්නේ 2026 ජූනි 26 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල මෙලෙස ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වී…

(0)Comments | June 28, 2026 2:06 pm

NDB සිද්ධිය ගැන වෝහාරික පරීක්ෂණයේ අතුරු වාර්තාවක් එළියට

NDB බැංකුව තුළ සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් (Independent Forensic Review) පැවැත්වීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් Deloitte Touche Tohmatsu India LLP ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ දී පත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් NDB බැංකුව පසුගිය සිකුරාදා (26) නිවේදනය කර සිටියේ අදාළ විමර්ශනය සම්බන්ධයෙන් Deloitte Touche Tohmatsu India LLP ආයතනය විසින් අතුරු වාර්තාවක් නිකුත් කර…

(0)Comments | June 28, 2026 12:30 pm

ඉදිරි වසර දෙක තුළ පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තයෙන් ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ඉලක්කයක්

පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් පසුගිය (26) දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ අනුව පොල් ආශ්‍රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 02ක් ලෙසත්, ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 01ක්…

(0)Comments | June 28, 2026 11:32 am

තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට

ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘතිය යටතේ තවත් පද්ධති 07ක් ඊයේ (25) කොළඹ වරායට ළඟා වී තිබේ. මෙම පද්ධති පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි සහ මහියංගනය යන ප්‍රදේශවල පිහිටි විදුලි බල සම්ප්‍රේෂණ උපපොලවල් ආසන්නයේ ස්ථාපිත කිරීමට නියමිතය….

(0)Comments | June 26, 2026 3:40 pm

ආදායම් බදු නොගෙවූ අයට මාස 06ක සහනයක්. නැත්නම් මාසිකව 1.8%ක පොලියක් සහ දඩයක්

ආදායම් බදු පනත යටතේ භාවිතා වන සියලුම බදු සඳහා, මෙතෙක් ආදායම් බදු නොගෙවා හිඟ බදු ලෙස පවතින අයට මාස 06ක් ඇතුළත ගෙවා නිමා කිරීමට කාලයක් ලබා දී ඇති බවත්, එහිදී ඒ සඳහා කිසිදු පොලී හෝ දඩ මුදලක් අය නොකෙරෙන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (26) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය….

(0)Comments | June 26, 2026 3:05 pm