Top News

ප්‍රධාන අපනයනකරුවෝ ජනපති හමුවෙති

අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට රජය උපරිමයෙන් මැදිහත් වෙනවා – ජනපති අපනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී අවධාරණය කරයි අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන්…

(0)Comments | March 19, 2026 11:25 pm

අඛණ්ඩව බැංකු සේවා පවත්වාගෙන යාමට ප්‍රතිඥා දෙමින්, ඩිජිටල් බැංකුකරණ නාලිකා භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි

ඉන්ධන සහ බලශක්ති සම්පත් භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති පිළිවෙත් මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු සේවාවන් සතියේ දින පහේම ක්‍රියාත්මක කරන බව (SLBA) මහජනතාවට දැනුම් දී ඇත. ඒ අනුව, බදාදා ඇතුළුව සඳුදා සිට සිකුරාදා දක්වා බැංකු විවෘතව පවතින අතර බදාදා දිනවල මෙහෙයුම් පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා සීමා වේ. එබැවින් ගනුදෙනුකරුවන්ට සතිය…

(0)Comments | March 19, 2026 6:08 pm

කටුනායක ඉදිවෙන තරු 4 ගුවන්තොටුපළ හෝටලයේ නවතම තත්ත්වය මෙන්න 

2026 මැද භාගය වන විට වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි ඉදිකරමින් පවතින කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝටලයේ ඉදිකිරීම් සහ වර්තමාන පරිපාලන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා (17/03/2026) විශේෂ නිරීක්‍ෂණ චාරිකාවකට එක්විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ වැඩ බලන සභාපති ඩ්බ්.ඩ්බ්.එස්….

(0)Comments | March 19, 2026 4:43 pm

කොටස් වෙළෙඳපොළ අද යළිත් පහළට

ඊයේ සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කළ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (19) යලිත් දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 376.62කින් පහළ ගොස් ඒකක 20,264.01ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 114.16කින් පහළ ගොස් ඒකක 5,651.41ක් ලෙසින් සටහන් විය. අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 3.94ක්…

(0)Comments | March 19, 2026 4:29 pm

ශ්‍රී ලංකාවට ගෙන්වන මර්බන් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

මේ වන විට ‌ගෝලීය ඉන්ධන වෙළෙඳපොළෙ හි බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ද මෑත ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් බැරලයක් ඩොලර් 126 සීමාව ඒ වන…

(0)Comments | March 19, 2026 2:39 pm

මෙරට රන්මිල අද රු. 9,000කින් පහළට

මෙරට රන් මිලෙහි සැලකිය යුතු පහළ යාමක් අද (19) දිනය තුළ දී වාර්තා වී ඇති අතර අද පෙරවරුව වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ රන් මිල පෙර දිනයට සාපේක්ෂව රුපියල් 9,000කින් පහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 398,000ක් දක්වා පහළ ගොස් ඇති අතර “කැරට් 22”…

(0)Comments | March 19, 2026 1:01 pm

පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට නෝර්වේ සහය

සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව ශ්‍රී ලංකාවේ නෝර්වේ කොන්සලර් Sturle Harald Pedersen මහතා පවසයි. ඒ් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති විශේස සාකච්ඡාවකදීය. ඊට…

(0)Comments | March 19, 2026 12:30 pm

මෙරට සංචාරක පැමිණීම 650,000 ආසන්නයට

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 649,228ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහිදී 2026 මාර්තු 01 සිට 15 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සංචාරකයින් 92,573ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඔවුන් සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් අනාවරණය කරයි. කෙසේ වෙතත් 2026 වසරේ පලමු මාස දෙක තුළ සීඝ්‍ර…

(0)Comments | March 19, 2026 12:17 pm

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඩොලර් මිලියන 175ක බැඳුම්කරය ප්‍රතිව්‍යූහගතකරණයට ණයහිමියෝ එකඟවෙති

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබෙන ඩොලර් මිලියන 175ක වටිනාකමකින් යුතු ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එම ණයහිමියන්ගෙන් 98%ක් දෙනා එකඟ වී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, “ණය ප්‍රතිව්‍යූගතකරණය කිරීම…

(0)Comments | March 19, 2026 11:46 am

බ්‍රෙන්ට් බොරතෙල් මිල අද සීඝ්‍රයෙන් ඉහළට

ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.00 පමණ වන විට ගොලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය. එහිදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 111.76ක් දක්වා 4% ඉක්ම වූ ඉහළ යාමක් වාර්තා කර තිබුණි. මේ අතර WTI බොරතෙල් මිල ගණන් හි 0.5% ක ඉහළ යාමක් දැකිය හැකි විය.

(0)Comments | March 19, 2026 11:00 am