ශ්රී ලංකා අපනයනකරුවන් සඳහා අපනයන සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජර්මනියේ ආනයන ප්රවර්ධන කවුළුව (IPD) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ශ්රී ලංකාවේ අපනයන අභිමුඛ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සඳහා අපනයන සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ වෙළෙඳපොළ ප්රවේශය වැඩි දියුණු කිරීම සඳහා පවතින දිගුකාලීන හවුල්කාරිත්වය යළි තහවුරු කරමින් මෙම ගිවිසුම අත්සන්…
නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) සමාලෝචන ක්රියාවලිය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (01) එම අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි. රජයේ ප්රධාන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්යවරයා, දැනට ක්රියාත්මක වෙමින් පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචන…
මේ වන විට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7%-8% මට්ටම දක්වා ගෙන ඒමට වෙහෙසිය යුතු බවත්, එම ගමනේදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්රොනික ක්ෂේත්රයන්හි පුළුල් දායකත්වයක් අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්රොනික ක්ෂේත්රයන්හි ප්රමුඛ පෙළේ…
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් බේරේ වැව අවට ප්රදේශය ජාත්යන්තර සංචාරක සහ සංස්කෘතික කේන්ද්රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්රියාත්මක කිරීමට යෝජිත “Temple City” ව්යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. දේශීය හා විදේශීය ජනතාවගේ ගෞරවයට පාත්ර වූ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කොළඹ නගරයේ ප්රමුඛ ආගමික හා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ භාරදෙන ලදී. ආචාර්ය ජේ….
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්ර හැසිරීමක් අද (01) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.58ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 1.46කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,243.70ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,206.51ක් ලෙසත් සටහන් විය. අද…
ශ්රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය හා ශක්තිමත්භාවය තහවුරු කිරීමේ අරමුණින් බලපත්රලාභී බැංකු නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. එම කාර්යයන් සිදු කිරීම සඳහා බලපත්රලාභී බැංකු සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ පුළුල් අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යන අතර, නියාමන හා අධීක්ෂණ ලියවිලි විශාල ප්රමාණයක් සැකසීම, සමාලෝචනය කිරීම, ගබඩා කිරීම…
ලංකා බැංකුව වෙත නව ප්රධාන බැංකු පද්ධතියක් (Core Banking System) ස්ථාපිතකිරීම සඳහා වන ප්රසම්පාදන ලංකා බැංකුවේ දැනට පවතින ප්රධාන බැංකු පද්ධතිය වන International Comprehensive Banking System, විදේශයන්හි පිහිටි එම බැංකුවේ ශාඛාවන් ද ඇතුළුව සිල්ලර (Retail) සහ ආයතනික (Corporate) ව්යාපාර සඳහා වසර 22 ක් පුරා භාවිත කරමින් පවතී. එම පද්ධතියේ පවතින බොහෝ විශේෂාංග සහ ක්රියාකාරිත්වයන් මෙන්ම…
තහනම් පිරමීඩ යෝජනා ක්රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්රකාරව ශ්රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “Infinity Rover (Pvt) Ltd” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව,…
2026 වසරේ මැයි මාසයේ දී ඉන්ධන ආනයන වියදම වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 112කින් එ. ජ. ඩොලර් මිලියන 536ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. 2026 මැයි මාසයේ විදේශ අංශ ක්රියාකාරීත්ව වාර්තාව ප්රකාශයට පත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ ඒ සඳහා තෙල් මිල සහ ආනයන පරිමාවන් ඉහළ යාම හේතු වී ඇති බවයි….
Video Story