Top News

ඩොලරය තවදුරටත් පහළට

අද (25) පෙරවරුව වන මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබුණු විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පසුගිය සිකුරාදා (22) දිනට සාපේක්ෂව තවදුරටත් පහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රු. 335 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා…

(0)Comments | May 25, 2026 10:27 am

බැංකුවලින් වාහන ණය දෙන සීමාව පහළට

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී වාහනයේ වටිනාකම මෙන් ලබා දිය හැකි ණය සීමාව සඳහා උපරිම සීමා යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් අද (24) දින නිකුත් කර තිබෙන අතර මෙම නියමයන් හෙට (25) දින සිට බලපැවැත්වෙනු ඇත….

(0)Comments | May 24, 2026 10:13 pm

ගැසට් නිවේදනයට පෙර දින BYD වාහන සඳහා LC විවෘත කර නැහැ – John Keells CG Auto අවධාරණය කරයි

ආනයනික මෝටර් රථ සඳහා තාවකාලික අතිරේක බද්දක් (Surcharge) හඳුන්වා දෙමින් 2026 මැයි 15 වැනි දින නිකුත් කරන ලද අංක 2488/56 දරන ගැසට් නිවේදනය පාදක කරගනිමින්, John Keells CG Auto (පුද්) සමාගම ඇතුළු ඇතැම් වාහන ආනයනකරුවන් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර දින ණයවර ලිපි (Letters of Credit) විවෘත කළ බවට විවිධ පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන…

(0)Comments | May 24, 2026 10:27 am

ඩොලරය අද පසුබසී

වානිජ බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය වීමක් පසුගිය දින කිහිපය පුරාවට දක්නට ලැබුණි. එහි උපරිම අවස්ථාවක් ලෙස එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (21) රුපියල් 354ක් දක්වා ඉහළ ගියේ 2023 මාර්තු 02 දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කරමිනි. කෙසේ වෙතත් අද…

(0)Comments | May 22, 2026 9:18 pm

ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති සහ බැංකුකරුවන් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ බැංකුකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) දින පවත්වා තිබේ. එහිදී වානිජ බැංකුවල විනිමය බෙදුම්කරුවන් (currency dealers) විශේෂයෙන්ම මෙම සාකච්ඡාවට එක්ව ඇත. ශ්‍රී ලංකා රුපියල වෙත එල්ල වී ඇති පීඩනය හමුවේ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව වසර 3කට…

(0)Comments | May 22, 2026 6:44 pm

ශ්‍රී ලංකාවේ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ – ආචාර්ය අනිල් ජයන්ත

ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බවත්, මේ තත්ත්වය සමනය කරගනිමින් ස්ථාවරත්වයෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යන බවත් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධව පැහැදිලි කිරීම වෙනුවෙන් අද (22) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී “අද දෙරණ”…

(0)Comments | May 22, 2026 2:26 pm

අද ඩොලරයක විකුණුම් මිලේ සුළු අඩුවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.67ක් සහ විකුණුම් මිල රු. 353.17ක් ලෙස වාර්තා වී තිබේ. ඊයේ (21) ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2023 මාර්තු 02 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම්…

(0)Comments | May 22, 2026 11:37 am

ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ රිදී ජුබිලි සැමරුම කොළඹ කොටස් හුවමාරුවේ දී

ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA), මෙරට ආයෝජන වෘත්තිය සහ මූල්‍ය සේවා කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් වසර 25ක් පුරා සිදුකළ දායකත්වය සනිටුහන් කරමින්, පසුගියදා කොළඹ කොටස් හුවමාරු ගනුදෙනු බිමේදී වෙළඳපොළ ආරම්භක සීනුව නාද කරමින් සහ සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කරමින් සිය 25 වැනි සංවත්සරය සැමරීය. සීනුව නාද කිරීමෙන් අනතුරුව, තැපැල්පතිවරයා විසින් සමරු මුද්දරය…

(0)Comments | May 21, 2026 4:46 pm

භාණ්ඩාගාර බිල්පත් සඳහා ආයෝජක උනන්දුව පහළට. ඊයේ වෙන්දේසියේ සාර්ථකත්වය 48%යි

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (20) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සාර්ථකත්වය 48%ක් පමණක් බව වාර්තා වේ. සමස්තයක් ලෙස මෙම වෙන්දේසිය රු. මිලියන 140,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණ ද එහි දී ලංසු පිළිගෙන ඇත්තේ රු. මිලියන 67,337ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයකට පමණි. රාජ්‍ය ණය කළමනාකරඛ කාර්යාලය පවසන්නේ රු. මිලියන 232,291 ක…

(0)Comments | May 21, 2026 4:38 pm

2026 අප්‍රේල් මාසයේ දී ජාතික උද්ධමනය 4.7%ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 4.7% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 මාර්තු මාසයේ දී මෙම අගය 2.4%ක් ලෙස වාර්තා වී තිබුණි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. මාර්තු මාසයේ දී 0.7% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…

(0)Comments | May 21, 2026 3:31 pm