July, 6, 2026
පසුගිය 2026 ජූනි මාසය පුරාවට ශ්‍රී ලංකා රුපියල වෙත එල්ල වෙමින් තිබුණු විනිමය පීඩනය මේ වන විට ක්‍රමිකව ලිහිල් වන ස්වභාවයක් දක්නට ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් එක්සත් ජනපද ඩොලරය පසුගිය ජූනි 24 දින සිට අද (ජූලි 06) දක්වා කාලය තුළ ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවක් නිරීක්ෂණය වේ.
ඒ අනුව ජූනි 23 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට අද (06) දින පැමිණ තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (06) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 330.39ක් ලෙසත් විකුණුම් මිල රු. 339.88ක් ලෙසත් වාර්තා වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 ජූලි 03 දිනෙන් අවසන් වූ වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 7.7%කින් අවප්‍රමාණය වී ඇති බවයි.
Video Story