ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා වන දරිද්‍රතා රේඛා සටහන ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හෙවත් දරිද්‍රතාවයට පත් නොවී සිටීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 16,690ක් ලෙසින් ප්‍රකාශ කර තිබේ. 2026 පෙබරවාරි මාසයේ දී මෙම අගය රු. 16,571ක් ලෙසින් දැක්වුණි. ජාතික…
පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් 2025/26 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්කරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර තිබේ. ඒ අනුව 2025/26 වර්ෂය වෙනුවෙන් එක් කොටසකට රු. 5.00ක් බැගින් වන පරිදි පළමු සහ අවසාන ලාභාංශයක් සමාගම ප්‍රකාශයට පත් කර ඇත. 2025/26 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. බිලියන 11.99ක බදු පසු ලාභයක් වාර්තා…
2018 වසරේදී Hellmann MAS Supply Chain නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ Hellmann Worldwide Logistics සහ MAS සමූහය, ශ්‍රී ලංකාවේ කිඹුලාපිටිය ප්‍රදේශයේ නවීන ගබඩා හා සැපයුම් පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මෙම මධ්‍යස්ථානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට කිලෝමීටර් 6ක් වැනි ඉතා ආසන්න දුරකින් පිහිටා තිබීම විශේෂත්වයකි. මෙය MAS සමූහයේ…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.63ක් සහ විකුණුම් මිල රු. 354.03ක් ලෙස වාර්තා වී තිබේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2023 මාර්තු 02 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය යටතේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණය 2026 මැයි 26 වන අඟහරුවාදා දැනුම් දීමට නියමිත බව නිවේදනය කර සිටී. ඒ අනුව පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 7.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනවා ද නැතහොත් සංශෝධනයක් සිදුකරනවා ද යන්න දැනුම් දීමට නියමිතය. මීට…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද(20) දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 509.02කින් පහළ ගොස් ඒකක 21,789.05ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 114.77කින් පහළ ගොස් ඒකක 6,034.00ක් ලෙසින් දිනයේ ගණුදෙනු අවසානයේ දී වාර්තා විය. අද සමාගම් 229ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබූ අතර මෙල්ස්ටාකෝප්, සම්පත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 332.08 ක් සහ රු. 342.70ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණි. මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම මිල ගණන් වේ. මේ අතර අද දිනයේ…
2026 මැයි මාසයේ පළමු දින 17 තුළ 75,465ක සංචාරකයින් පිරසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 951,742ක් ලෙස වාර්තා වන බවයි. මැයි මාසයේ පළමු දින 17 තුළ 32,035 ක එනම්…
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ ඩිජිටල් පද්ධතිය (CROPIX Seed Production, Certification & Traceability System) දියත් කරන ලදි. ඩිජිටල් නවෝත්පාදන හරහා ශ්‍රී ලංකාවේ කෘෂි බීජ අංශය නවීකරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස මෙය…
Video Story