Top News

සංචාරක ඉපැයීම් ගණනය කරන ආකාරය වෙනස් වෙයි

සංචාරක පැමිණීම්, සාමාන්‍ය දෛනික වියදම සහ සාමාන්‍ය රැඳී කාලය පිළිබඳ රට අනුව දත්ත ඇතුළත් කරමින්, මාසික සංචාරක ඉපැයීම් ඇස්තමේන්තුවල නිරවද්‍යතාවය සහ නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2026 වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබේ. මෙම සංශෝධිත ක්‍රමවේදය 2026 වසරේ ජනවාරි සිට මාසක ඇස්තමේන්තු…

(0)Comments | July 3, 2026 12:56 pm

Agrithmics සමාගම, මෙරට ඩිජිටල්කරණයට ලක් වූ ප්‍රථම රාජ්‍ය වැවිලි සමාගම බවට ගෝමර වතුයාය පත් කරයි

ශ්‍රී ලාංකේය වැවිලි ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Agrithmics සමාගම, ගෝමර වතුයාය සඳහා මුළුමනින්ම ඒකාබද්ධ කෙරුණු ඩිජිටල් වතු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් ක්‍රියාත්මක කෙරුණු රාජ්‍ය හිමිකාරිත්වය සහිත ප්‍රථම තේ වතුයාය බවට ගෝමර වතුයාය පත්විය. රජයේ පුළුල් ඩිජිටල්කරණ සැලසුමේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙම ඒකාබද්ධ කිරීම මගින්, කම්කරු…

(0)Comments | July 3, 2026 11:52 am

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළද, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන…

(0)Comments | July 3, 2026 10:55 am

සුරැකුම්පත් කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රාග්ධන වෙළෙඳපොළ නීති, රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් නියාමන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ අනුව සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන යන අය විසින් පහත සඳහන් දෑ නොකළ යුතු බව සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අවධාරණය කරනු ලබයි. කොළඹ කොටස්…

(0)Comments | July 3, 2026 10:39 am

ගෝලීය ප්‍රජා සෞඛ්‍ය අර්බුද හඳුනාගැනීමට SLIIT සහ ජපානය එක්ව කළ සුවිශේෂී AI පර්යේෂණය ජාත්‍යන්තර අවධානයට

වර්තමානයේ පවතින සංකීර්ණ ප්‍රජා සෞඛ්‍ය සහ සමාජීය අභියෝග වටහා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මිනීමැරුම් සහ සියදිවි නසාගැනීම් වැනි සිතාමතා සිදුකරගන්නා අනතුරු හේතුවෙන් සිදුවන මරණ පිළිබඳ අර්බුද විමර්ශනය කිරීම ද මීට ඇතුළත් වේ. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර පර්යේෂණ අධ්‍යයනයක් මඟින් ඇමරිකානු කලාපය පුරා පවතින මෙම ගැටලුව විමර්ශනය…

(0)Comments | July 2, 2026 5:11 pm

Melco Resorts & Entertainment සමාගම City of Dreams Sri Lanka හරහා විශිෂ්ට සංචාරක සේවාවක අභිමානය ශ්‍රී ලංකාවට රැගෙන එයි

සුඛෝපභෝගී ඒකාබද්ධ හෝටල් සංකීර්ණ අතර ලොව පුරා ප්‍රසිද්ධ නාමයක් වන Melco Resorts & Entertainment අද වන විට ආසියාවේ හා යුරෝපා කලාපයේ සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දී ඇත්තේ ක්ෂේත්‍රයට නව අරුතක් එක් කරමිනි. ඒ අනුව මැකාවු, මැනිලා, සයිප්‍රස් සහ කොළඹ යන නගරයන්හි පිහිටි ඒකාබද්ධ හෝටල් සංකීර්ණ 6ක් සමඟින් පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර තත්වයේ සංචාරක…

(0)Comments | July 2, 2026 4:13 pm

කලාපීය වැවිලි සමාගම් සහ වැවිලි මානව සංවර්ධන භාරය දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ සඳහා වූ තම කැපවීම යලිත් තහවුරු කරයි

විනාශකාරී දිට්වා චණ්ඩමාරුතය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයෙන් බලපෑමට ලක් වූ වැවිලි ප්‍රජාවන්ට සහය දැක්වීම සඳහා කලාපීය වැවිලි සමාගම් (RPC) සහ වැවිලි මානව සංව¾ධන භාරය )PHDT) තම කැපවීම යළිත් තහවුරු කර ඇත . හදිසි සහන සේවා පුනරුත්ථාපන සහාය සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඒකාබද්ධ කරමින්, ආපදාවට මුහුණ දුන් වතු ජනතාවගේ ජීවිත යළි ස්ථාපිත කිරීම සඳහා මෙම…

(0)Comments | July 2, 2026 3:48 pm

ඊයේ ගනුදෙනු ඇරඹීම ප්‍රමාද වීම ගැන කොටස් වෙළෙඳපොළෙන් පැහැදිලි කිරීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ. 2026 ජූනි 15 දිනැති, අංක 02-06-2026 දරණ මධ්‍යම තැන්පතු ක්‍රම චක්‍රලේඛයට අනුව, වසර 15කට වැඩි කාලයක් අක්‍රීයව පැවති  මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් අත්හිටුවීමට මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් 2026 ජූනි 30 වන දින පියවර ගන්නා ලදී. ඉහත සඳහන් කළ ගිණුම් අත්හිටුවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී, දැනට සක්‍රීය…

(0)Comments | July 2, 2026 2:04 pm

රු. බිලියන 100ක භාණ්ඩාගාර බිල්පත් අලෙවියක්

ඊයේ (01) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 100,000ක් හෙවත් රු. බිලියන 100ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් අලෙවි කිරීමට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 100,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුනු අතර ඒ වෙනුවෙන් ලැබී තිබුණු ලංසු ප්‍රමාණය රු. මිලියන 166,391ක් බව වාර්තා වේ. වෙන්දේසිය සඳහා ඉදිරිපත්…

(0)Comments | July 2, 2026 1:21 pm

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සියලු බලතල සහිත ප්‍රමුඛතම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කරනවා – නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සතු පූර්ණ විධායක බලතල ක්‍රියාවට නංවමින්, එය රටේ ආයෝජන ප්‍රවර්ධනය භාර ප්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කරන බව එහි නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නිල වශයෙන් රාජකාරි ආරම්භ කරමිනි. ආයෝජන මණ්ඩලයට හිමි පෙර…

(0)Comments | July 2, 2026 12:48 pm