රු. බිලියන 100ක භාණ්ඩාගාර බිල්පත් අලෙවියක්

    July, 2, 2026

    ඊයේ (01) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 100,000ක් හෙවත් රු. බිලියන 100ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් අලෙවි කිරීමට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබේ.

    මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 100,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුනු අතර ඒ වෙනුවෙන් ලැබී තිබුණු ලංසු ප්‍රමාණය රු. මිලියන 166,391ක් බව වාර්තා වේ. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 100,000ක ලංසු පිළිගැනීමට එහිදී කටයුතු කර තිබුණි.

    මෙවර වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල සුළු ඉහළ යාමක් වාර්තා වී ඇත. එහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 10.14% සිට 10.23%ක් දක්වා සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 10.21% සිට 10.30%ක් දක්වා පදනම් අංක 9 බැගින් ඉහළ ගොස් ඇති අතර දින 364 ඵලදා අනුපාතිකය 10.17% සිට 10.20%ක් දක්වා පදනම් අංක 3කින් වැඩි වී තිබුණි.

    මෙම සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.