July, 3, 2026
ශ්‍රී ලාංකේය වැවිලි ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Agrithmics සමාගම, ගෝමර වතුයාය සඳහා මුළුමනින්ම ඒකාබද්ධ කෙරුණු ඩිජිටල් වතු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් ක්‍රියාත්මක කෙරුණු රාජ්‍ය හිමිකාරිත්වය සහිත ප්‍රථම තේ වතුයාය බවට ගෝමර වතුයාය පත්විය.
රජයේ පුළුල් ඩිජිටල්කරණ සැලසුමේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙම ඒකාබද්ධ කිරීම මගින්, කම්කරු ශ්‍රමය මත තීරණයවන මෙරට ප්‍රධානතම ක්ෂේත්‍රයක් නූතන ලෝකයට අනුව හැඩගැස්වීම පිළිබඳ මනා පූර්වාදර්ශයක් සපයයි. දැනුම මත පදනම් වූ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනේ මෙය තවත් එක් සුවිශේෂී පියවරකි.
මෙය, රාජ්‍ය හිමිකාරිත්වය සහිත වැවිලි සමාගමක් තුළ මෙවැනි ආකාරයේ වැඩසටහනක් දියත් කෙරුණු ප්‍රථම අවස්ථාවවන අතර, නූතනත්වය සහ තිරසර වර්ධනය වෙනුවෙන් තබන අර්ථවත් පියවරක් ලෙස, මේ වසර අවසානවන විට තමන් භාරයේ පවතින සියලු වතුයායවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම රාජ්‍ය වැවිලි සංස්ථාවේ අරමුණයි.
මින් පෙර, අතින් වාර්තා තබා ගැනීම හේතුවෙන් අකාර්යක්ෂමතාව, වැටුප් සහ පැමිණීම සම්බන්ධ තොරතුරු සඳහා ප්‍රවේශය සීමා වීම සහ එම තොරතුරුවල නිරවද්‍යතාව ආදී ගැටළු රැසක් ඇති වී තිබිණ. මෙම නව Agrigen පහසුකම මගින් එම ගැටළු සියල්ලට සෘජුවම විසඳුම් ලබා දෙයි.
මෙම නව පහසුකම හේතුවෙන්, අතින් වාර්තා තබා ගැනීමේදී ඇතිවන වැරදි සහ හිතාමතා වැරදි තොරතුරු ඇතුළත් කිරීම වළක්වන බැවින් කම්කරුවන් හට නියමිත දිනයේදී නිවැරදි වැටුප හිමි වේ. ජංගම දුරකථන යෙදවුම සහ අනෙකුත් ඩිජිටල් මාධ්‍ය හරහා ක්ෂේත්‍ර නිලධාරීන් හට තේ දළු නෙළීම සහ රැකියාවට වාර්තා කිරීම පිළිබඳ දත්ත ඒ මොහොතේම ඇතුළත් කිරීමට හැකිවන බැවින්, තවදුරටත් කඩදාසි භාවිතයෙන් පරිපාලන කටයුතු සිදු කිරීමේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය නොවේ.
තවද, GPS තාක්ෂණයෙන් යුතු ඩිජිටල් පුවරුව හරහා, සමස්ත වතුයායේ සහ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු සජීවීව දැකබලා ගැනීමට හැකිවන බැවින් වතුයායට සහ ඉහළ කළමනාකාරිත්වයට වඩාත් කඩිනමින් සහ දැනුවත් භාවයෙන් යුතුව තීරණ ගැනීමට හැකියාව ලැබේ. මෙම ඩිජිටල්කරණය වූ රැකියා ප්‍රවාහය හේතුවෙන්, ලිපිකරුවන්ට ද එකම දත්ත කිහිප වරක් සටහන්කර ගැනීමෙන් තොරව ඉහළ වගකීමක් සහිතව සිය කටයුතු ඉටුකර ගැනීමේ අවස්ථාව ලිපිකරුවන් හට උදා වී තිබේ.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකර මේවන විට ජාත්‍යන්තර වශයෙන් දියත්කර ඇති Agrithmics ඩිජිටල් විසඳුම, වතුයායවල එදිනෙදා ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා ජංගම සහ ඇතුළතින් ක්‍රියාත්මකවන මාධ්‍ය (back-end platforms) ඒකාබද්ධ කරයි. ජංගම දුරකථන සඳහා විශේෂයෙන් සකස්කර ඇති මෙම පහසුකම, වැවිලි ක්ෂේත්‍රයේ තත්ත්ව සඳහා ගොඩනගා ඇති අතර, දුරකථන සබඳතා අඩු ප්‍රදේශ සඳහා අන්තර්ජාල පහසුකම් නොමැතිව භාවිත කිරීමේ හැකියාවෙන් සහ මුහුණ හඳුනා ගැනීමේ පහසුකමෙන් යුතු වේ. තේ දළු නෙළීමේ දත්ත සහ පැමිණීමේ දත්ත ඒ මොහොතේම සටහන්කර ගැනීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් හට ජංගම දුරකථන යෙදවුම් සහ ඩිජිටල් තරාදි ලබා දී තිබේ.
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වතු කම්කරුවන් දහස් ගණනක් සඳහා විනිවිදභාවය සහ සාධාරණ වැටුප් තහවුරු කරමින් මෙම පද්ධතිය, වැටුප් ගණනය ස්වයංක්‍රීයකරණය කිරීමටත්, වතු පරිශ්‍රය සහ කර්මාන්තශාලාවේ ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීමටත් කටයුතු කරයි.
"වැවිලි ක්ෂේත්‍රය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම දැඩි අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. ගෝමර වතුයාය සඳහා අපගේ නවීන තාක්ෂණය හඳුන්වා දීම හරහා අපි, මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු දහස් ගණනක් වූ වතු සේවකයින් වෙනුවෙන් මෙහෙයුම් කටයුතු නූතනකරණය කිරීමටත්, සාධාරණත්වය, කාර්යක්ෂමතාව සහ වගවීම තහවුරු කිරීමටත් කටයුතුකර තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ ඩිජිටල්කරණ සැලසුමට සහයෝගය ලබා දීමටත්, මෙරට වැවිලි ක්ෂේත්‍රය නූතනකරණය කරා ගෙන යාම සඳහා දායකත්වය ලබා දීමටත් හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා," යනුවෙන් Agrithmics සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රශාන්ත් ප්‍රේම්කුමාර් මහතා සඳහන් කළේය.
"ඩිජිටල් පරිවර්තනය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමිකාරිත්වය සහිත වතුයායවල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනවා. තිරසර වර්ධනය සහ ජාතික ප්‍රගතිය වෙනුවෙන් මෙවැනි පුරෝගාමී පියවරක් තැබීමට හැකි වීම පිළිබඳ අප රාජ්‍ය වැවිලි සංස්ථාව ලෙස බෙහෙවින් ආඩම්බර වනවා. මෙහෙයුම් කටයුතු සඳහා තාක්ෂණය පදනම්කර ගැනීම තුළින් අප, මෙරට කම්කරු ශ්‍රමය මත යැපෙන ප්‍රධානතම ක්ෂේත්‍රයක් නූතන ලෝකයට අනුව හැඩගැස්වීමටත්, දහස් ගණනක් වූ කම්කරු ප්‍රජාවට සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම හිමිකර දීමටත් කටයුතුකර තිබෙනවා. දැනුම මත පදනම් වූ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහාවන ශ්‍රී ලංකා රජයේ දැක්ම වෙනුවෙන් අප දක්වන කැපවීම, මෙම වැඩසටහන මගින් මනාව පිළිබිඹු කෙරෙනවා. මේ වසර අවසානවන විට අපගේ සියලු වතුයාය තුළ මෙම තාක්ෂණය දියත් කිරීමට බලාපොරොත්තු වනවා," යනුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ආචාර්ය සිසිර රණතුංග මහතා අදහස් පළ කළේය.
Agrithmics යනු, කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්‍රවල ඩිජිටල් පරිවර්තනය සම්බන්ධව විශේෂඥ දැනුම සහිත ශ්‍රී ලාංකේය තාක්ෂණික සමාගමකි. තේ ඇතුළු සම්ප්‍රදායික කර්මාන්තවල ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණයට සහ ඒ සඳහා මුල්‍ය තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමට එම සමාගමේ ප්‍රමුඛ අවධානය යොමු කෙරේ. දශකයකට ආසන්න කාලයක පටන් එම සමාගම, AgriX සහ Agri-Pay යන පරිපූර්ණ ඩිජිටල් විසඳුම් පිරිනැමීමට කටයුතුකර තිබේ. ප්‍රසම්පාදනය, ශ්‍රම බලකාය කළමනාකරණය සහ IoT සහ Cloud තාක්ෂණය මත පදනම් වූ පද්ධති හරහා මුල්‍ය ගනුදෙනු සඳහා එම විසඳුම් සහයෝගය ලබා දෙයි. මේවන විට Agrithmics සමාගම ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ප්‍රමුඛතම තේ වැවිලි සමාගම් සහ කර්මාන්තශාලා සමූහ සමග කටයුතු කරන අතර, 100,000 කට අධික ගොවීන් සහ කම්කරුවන් පිරිසකට එහි තාක්ෂණයේ ප්‍රතිලාභ හිමි වී තිබේ.

ගෝමර වතුයායේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාමාර්ගවල එක් අදියරක් ලෙස Agrithmics ඩිජිටල් පහසුකම් භාවිත කෙරෙන අයුරු

Agrithmics ඩිජිටල් පහසුකම් මගින්, ගුමේරා වතුයායේ මෙහෙයුම් කටයුතු සවිබල ගැන්වේ


Video Story