Top News

සිපෙට්කෝ කොමිස් මුදල් අඩු වීම ගැන බෙදුම්කරුවන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

සංස්ථා පිරවුම් හල් හිමියන්ගේ වට්ටම් ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සහ වට්ටම් මුදල් අඩු කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. අදාළ කරුණු සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු සම්බන්ධිත ආයතන සමඟ කළ සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් මෙම ගැටළුව ජනාධිපතිවරයාගේ අවධානයට ගෙන එන බව සංගමය එම ලිපියෙහි සඳහන් කර…

(0)Comments | April 20, 2026 8:28 am

නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර සමාගම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය පිරිසැකසුම් ක්ෂේත්‍රය සමඟ එක්වීමට කැමැත්ත පළ කරයි

නෝර්වේ හි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර හා ජලජීවී වගා සමාගමක් වන ලෙරෝයි (Lerøy Seafood Group) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හෙනින් බෙල්ටෙස්ටැඩ් (Henning Beltestad) මහතා සමඟ පසුගිය දා (17) විශේෂ…

(0)Comments | April 19, 2026 1:51 pm

NDB බැංකු වංචාව සෙවීමට විදේශ විශේෂඥයින්ගෙන් සමන්විත ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතනයකින් පුළුල් වෝහාරික විගණනයක්

නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී වත්මන් තත්ත්වය පිළිබඳ මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි සිදු වූ අභ්‍යන්තර වංචාව හෙළිදරව් වීමෙන් පසු,  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒ පිළිබඳව දිනපතා සමීපව නිරීක්ෂණය කරනු ලබයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි, විදේශ විශේෂඥයින්ගෙන්…

(0)Comments | April 18, 2026 12:02 am

අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි

2024 පෙබරවාරි 01 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම මිල අද (17) දිනයේ දී වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය අද (17) දිනයේ දී රු. 315.72 ක් ලෙසින් සටහන් වී ඇත. ඩොලරයේ මිල 2024 පෙබරවාරි 01 දිනෙන් පසු…

(0)Comments | April 17, 2026 1:45 pm

මැදපෙරදිග අර්බුද මැද වුවත් 2026 මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 මාර්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. උත්සව සමයේ ඉහළ ඉල්ලුමත් සමග නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මාර්තු මාසයේ දී දර්ශකාංක 66.7ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය සහ ඉන්ධන හිඟය, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ…

(0)Comments | April 17, 2026 9:47 am

කොටස් වෙළෙඳපොළ අද වාර්තාගත ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 327.49 ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත වූ අතර දින‌යේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,588.97 ක් ලෙසින් සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 1.47%ක ඉහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ…

(0)Comments | April 16, 2026 4:02 pm

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විදෙස් ආයෝජකයෙකු වූ මාක් මෝබියස් අභාවප්‍රාප්ත වෙයි

නැගී එන වෙළෙඳපොළ (Frontier and Emerging Markets) ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන මාක් මෝබියස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 89 වැනි වියේ පසුවිය. කලක් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ප්‍රමුඛතම විදෙස් ආයෝජකයෙකු ලෙස, ඔහු නායකත්වය දැරූ Franklin Templeton අරමුදල කතාබහට ලක්විය. 2015‌ට පෙර මෙරට භාණ්ඩාගාර බැඳුම්කරවල සැලකිය යුතු ආයෝජන කොටසක් එම අරමුදල සතුව තිබුණු…

(0)Comments | April 16, 2026 3:54 pm

ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය සේවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් Ninewells  රෝහල සිය දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තවදුරටත් ඉහළ නැංවීමේ  අරමුණ මුල් කරගනිමින් Ninewells රෝහල විසින් සිය නවතම ගොඩනැගිලි සංකීර්ණය සඳහා පසුගිය දා මුල්ගල් තබන ලදී. මෙරට වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා තැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. Ninewells රෝහලේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා රෝහලේ ප්‍රධාන පාර්ශවකරුවන්, හවුල්කරුවන් මෙන්ම කළමනාකාරීත්වය ද…

(0)Comments | April 16, 2026 2:49 pm

ගෝලීය ඉන්ධන මිල අද ස්ථාවරයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (16) දිනයේ දී ඊයේ (15) පැවති මිල මට්ටම් හා සමාන්තරව සුළු වශයෙන් උච්ඡාවචනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යහ්නය වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 මට්ටමේත් WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 මට්ටමේත් ස්ථාවරව පවතින බව වෙළෙඳපොළ දත්ත වාර්තා සඳහන්…

(0)Comments | April 16, 2026 12:19 pm

අවුරුදු නිවාඩුවෙන් පසු මුල්ම දිනයේ දී කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දින 4ක දිර්ඝ සතිඅන්තයකින් පසු පළමු වරට අද (15) දිනයේ දී ගනුදෙනු සඳහා විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ, දිනය තුළ සාර්ථක කාර්යසාධනයක් වාර්තා කරන ලදී. අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 132.82ක ඉහළ යාමක් වාර්තා කළ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,261.48ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා විය….

(0)Comments | April 15, 2026 4:47 pm