ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර Palexpo පරිශ්රයේදී පසුගියදා පැවැත්වුණු “එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘතිම බුද්ධි පාලන සංවාදය” (United Nations Global Dialogue on AI Governance) සඳහා ශ්රී ලංකා ජනරජයේ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත මෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ A/RES/79/325 සම්මුතිය මඟින් ස්ථාපිත කරන ලද…
ශ්රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් වසරක අභිමානය සමරන City of Dreams Sri Lanka, ජාත්යන්තර තත්වයේ විනෝදාස්වාදය, සංස්කෘතික අංග සහ සුඛෝපභෝගී අත්දැකීම් උරුම කර දීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්රී ලාංකේය සංචාරක අනන්යතාව පමණක් නොව කොළඹ නගරයේ ආකර්ෂණය හා විශිෂ්ටත්වය තුලින් නවමු අත්දැකීමක උරුමය ජාත්යන්තරය වෙත ගෙන යාමට සමත්ව සිටියි. බොලිවුඩ් සිනමාවේ…
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර Palexpo පරිශ්රයේදී පසුගියදා (ජූලි 09) පැවැත්වුණු “WSIS Forum 2026” (තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව) හි නියාමකයින්ගේ සාකච්ඡාව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) බන්දුල හේරත් මහතා සහභාගී විය. “ඩිජිටල් වෙළෙඳපොළ සඳහා වූ පාලන අත්යවශ්යතා ප්රායෝගිකව ක්රියාත්මක කිරීම”යන තේමාව යටතේ…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්යන්තර මූල්ය සංස්ථාව (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ක්රියාත්මක කරන 2026 ශ්රී ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) යටතේ 7 වැනි පළාත් ExpoNavigator වැඩසටහන 2026 ජූනි මස මඩකලපුවේදී සාර්ථකව පැවැත්විණි. යුරෝපා සංගමයේ දකුණු ආසියාවේ දේශගුණික හිතකාමී සහ යටිතල පහසුකම් වේගවත් කිරීම ‘Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia…
2026 ජූලි මාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් අද (10) දින වාර්තා විය. මෙලෙස කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් වාර්තා වූයේ අඛණ්ඩ දින 8ක පසුබෑමකින් පසුව වීම විශේෂත්වයකි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 67.84කින් ඉහළ ගොස් ඒකක 21,765.56ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 10.97කින් ඉහළ ගොස්, දිනයේ ගනුදෙනු අවසානයේ දී…
2026 වසරේ දී අද (10) දිනය වන විට ශ්රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින්ගේ සංඛ්යාව දොළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2026 ජූලි 08 දින දක්වා සංචාරක පැමිණීම් සංඛ්යා දත්ත නිල වශයෙන් නිකුත් කර ඇති අතර ඊට අනුව විදෙස් සංචාරකයින් 1,192,705ක් මේ වන විට ශ්රී ලංකාවට…
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව, ඩිජිටල් බැංකුකරණයේ නව යුගයක් සනිටුහන් කරමින් BOC Flex – Tap & Pay සේවාව හඳුන්වා දීම පසු ගිය දා සිදු කෙරිණි. මෙය ශ්රී ලංකාවේ ප්රථම වරට Mobile Banking Wallet පදනම් වූ ස්පර්ශ රහිත ගෙවීම් විසඳුම වේ. 2025 මාර්තු මාසයේ දී ලංකා බැංකුව විසින් නව පරපුරට සරිලන සිය Internet & Mobile…
මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් තවදුරටත් අඩුවෙන් වියදම් කරනු ලබන සංචාරකයින් නොවන බවත්, අද වන විට මෙරට සංචාරකයෙකුගේ දෛනික සාමාන්ය වියදම් කරන ප්රමාණයට වඩා වැඩියෙන් ඉන්දීය සංචාරකයෙකු දෛනිකව වියදම් කරනු ලබන බවත් ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි. මෙරට සංචාරකයෙකුගේ දෛනිකව වියදම් කරන මුදල සාමානයෙන් ඩොලර් 148ක් වන නමුත් ඉන්දීය සංචාරකයෙකු දෛනිකව…
කොළඹ ගලදාරි හෝටලයේ සමාජ මාධ්ය ගිණුම් විසින් අද (10) දින සිට සිය හෝටලයේ නාමය Radisson Blu Hotel, Galadari Colombo යනුවෙන් වෙනස් කර තිබේ. මෙරට ප්රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරි හෝටලය, සිය නවීකරණ කටයුතු සඳහා පසුගිය 2023 වසරේ දී ලොව ප්රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමග ගිවිසුමකට එළඹි අතර…
ලොව විශාලතම බහාලුම් ප්රවාහන නෞකා සමාගම වන Mediterranean Shipping Co. (MSC), හම්බන්තොට ජාත්යන්තර වරායේ සැලකිය යුතු කොටස් ප්රමාණයක් අත්පත් කර ගැනීම සඳහා China Merchants Port Holdings (CMPort) සහ ශ්රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. මෙම උපායමාර්ගික පියවර පිළිබඳ ප්රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ: කොටස් හිමිකාරිත්වය: දැනට හම්බන්තොට වරායේ 85% ක කොටස්…
Video Story