Top News

ඉතිහාසයේ වසරක් තුළ දැරූ තෙවැනි වැඩිම වාහන ආනයන වියදම 2025 දී

මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලු‍ම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලු‍මේ අපේක්ෂිත වැඩිවීම අවම කිරීම සඳහා රජය තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය. මෙම…

(0)Comments | April 21, 2026 12:08 pm

2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 6ක සිදුකර තිබූ ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණා දමා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 දෙසැම්බර් 31 දින වන විට අරමුදල, ලැයිස්තුගත සමාගම් කොටස් 65ක ආයෝජන කර තිබූ අතර 2025 දෙසැම්බර් 31 වන විට එම සමාගම් කොටස් ප්‍රමාණය 59ක් දක්වා මේ අනුව පහළ බැස ඇත. අදාළ…

(0)Comments | April 21, 2026 11:20 am

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (2026 අප්‍රේල් 20) දින ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික…

(0)Comments | April 21, 2026 9:43 am

රාජ්‍ය බැංකු තුනක වාර්ෂික වාර්තා ජනපතිට

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි මහජන බැංකුව ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කළා – මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට ලංකා බැංකුව සමත් වුණා – ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සියලු බදුවලට…

(0)Comments | April 20, 2026 6:44 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ, “මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා ද්විත්වය ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ “මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා ද්විත්වය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් වාර්තා ද්විත්වය මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී. ශ්‍රී…

(0)Comments | April 20, 2026 6:22 pm

2026 දී වර්ධනය මන්දගාමී වුවත්, ආර්ථිකයේ ප්‍රමාණය 2018 තිබුණු මට්ටමට පැමිණේවි – ලෝක බැංකුව

ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යෑමේ බලපෑම ප්‍රධාන වශයෙන් හේතු වෙමින් 2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා මන්දගාමී වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරයි. මෙලෙස 2026 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා මන්දගාමී වනුයේ 2025 වසරේ දී 5%ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබූ පසුබිමකය. කෙසේවෙතත් ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයට…

(0)Comments | April 20, 2026 4:43 pm

2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට රු. බිලියන 4 1/2 ක ශුද්ධ ලාභයක්

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC 2026 මාර්තු 31න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රු. බිලියන 4.55ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙය පෙර මූල්‍ය වර්ෂයේ අදාළ කාර්තුවේ දී වාර්තා කර තිබූ රු. බිලියන 3.46 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී 31%ක ඉහළ යාමක් වේ. මේ සමඟම 2025/26 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු….

(0)Comments | April 20, 2026 3:58 pm

රුපියල මත පීඩනය තවදුරටත් – ඩොලරය රු. 316 පනී

මෑත කාලයේ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය අද (20) දින වාර්තා වී තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 312.83ක් ලෙසත් විකුණුම් මිල රු. 320.27ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින සටහන්ව ඇත. මේ අතර ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය…

(0)Comments | April 20, 2026 12:27 pm

සංචාරක පැමිණීම අට ලක්ෂය ඉක්මවයි

2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 8 සීමාව ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය 809,595ක් ලෙසින් වාර්තා වේ. ඔවුන් සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ දී…

(0)Comments | April 20, 2026 11:19 am

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර ඇත. මෙම එක් වීම තුළින් ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනා ගත් ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Singer රටේ විශාලම දේශීය e-commerce වේදිකාවක් වන Kaprukaහි ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සමඟ එක් වී ගුණාත්මක…

(0)Comments | April 20, 2026 10:29 am