ඩොලරයේ විකුණුම් මිල යළි රු. 340 පනී

    July, 9, 2026

    පසුගිය දින තුන පුරාවට එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ සුළු වශයෙන් අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල අද (09) දින යළිත් වරක් අවප්‍රමාණය වී ඇති ස්වභාවයක් නිරීක්ෂණය වේ.

    දින තුනකට පසු නැවත වරක් ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ දී රු. 340 සීමාව ඉක්මවා ගිය අතර ඒ අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 331.34ක් ලෙසත් විකුණුම් මිල රු. 340.86ක් ලෙසත් වාර්තා විය.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 වසරේ ජූලි 03 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.7කින් අවප්‍රමාණය වී ඇති බවයි.