‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027‘ ප්‍රදර්ශනයේ ඉසව් කළමනාකරණය Lanka Exhibition සහ Aitken Spence Travels හවුල්කාරිත්වයෙන්

    July, 7, 2026

    'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2027-01-14 දින සිට 2027-01-17 දින දක්වා පැවැත්වීම සඳහා 2026-04-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. එකී ප්‍රදර්ශනයේ ඉසව් කළමනාකරණ කටයුතු සඳහා ආයතනයක් තෝරා ගැනීම පිණිස මිල ගණන් කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත.

    එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් Lanka Exhibition & Conference Services (Pvt) Limited (LECS) සහ Aitken Spence Travels (Pvt) Ltd (ASTL) අතර හවුල්කාරිත්වය වෙත රුපියල් මිලියන 178.71ක මුදලකට (එකතු කළ අගය මත බදු ඇතුළුව) පිරිනැමීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates