Top News

මැදපෙරදිග යුද්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට රු. ට්‍රිලියනයකට වඩා දැනටමත් අහිමිවෙලා

සමස්ත පෙරදිග කලාපය පමණක් අනතුරේ හෙළා නොව, ගෝලීය බලශක්ති අර්බුදයක් ද නිර්මාණය කරමින්, ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර දියත් කිරීම ආරම්භ කරන ලද්දේ පසුගිය පෙබරවාරි 28 වනදාය. විස්මයජනක ප්‍රහාරයකින් අනතුරුව ආරම්භක දිනයේ දීම ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඇතුළ එරට ඉහළ පෙළේ දේශපාලන හා හමුදා නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය කරමින්…

(0)Comments | March 19, 2026 10:31 am

වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහන ඉන්ධන QR කේත නැවත ලබා ගැනීම සදහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවතත් ලබාගැනීමේදී, එම ලියාපදිංචිය සිදුකළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා අද (මාර්තු 19) සිට නව විශේෂාංගයක් පද්ධතියට එක් කර ඇත. මෙම නව ක්‍රමවේදය හරහා එම…

(0)Comments | March 19, 2026 10:30 am

අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක්

මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට තුළ උද්ගතව ඇති ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක්  ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා කියා සිටියි. රජයේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ මෙරට ආර්ථිකයේ ප්‍රධානතම අංශය වන අපනයන ක්ෂේත්‍රය…

(0)Comments | March 19, 2026 10:17 am

ආයෝජකයින්ට අස්වැසිල්ලක් ගෙනදෙමින් කොටස් වෙළෙඳපොළ ඉහළට

අඛණ්ඩ දින 5ක් පුරාවට දැවැන්ත කඩාවැටීමකට ලක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු ඉහළ යාමක් අද (18) දිනයේ දී දැක ගන්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 222.54ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,640.63ක් ලෙසින් සටහන් විය. කෙසේවෙතත් අද දිනයේ දී S&P SL20…

(0)Comments | March 18, 2026 4:05 pm

රු. බිලියන 2.26ක විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් JSL & Fentons බද්ධ ව්‍යාපාරයට

මුල්ලිකුලම් සුළං විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලොට් B යටතේ මන්නාරම ග්‍රිඩ් උපපොළේ සිට මුල්ලිකුලම් රැස් කිරීමේ ග්‍රිඩ් උපපොළ දක්වා කිලෝමීටර 28ක් දිගින් යුත් කිලෝවෝල්ට් 220ක ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී…

(0)Comments | March 18, 2026 3:29 pm

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඩිජිටල් ප්‍රවර්ධනය ශක්තිමත් කරමින් LilyLanka වේදිකාව ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඩිජිටල් ප්‍රවර්ධනය ශක්තිමත් කරමින් ලිලී ලංකා LilyLanka වේදිකාව (SLTDA Registered Sri Lanka Travel & Hotel Booking Platform) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ දී ඇරඹිණි. සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගෝලීය සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් හැඩගැසී ඇත්තේ සංචාරකයින් ගමනාන්ත සොයා ගන්නා…

(0)Comments | March 18, 2026 2:04 pm

සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ලියාපදිංචිය ඇරඹෙයි

සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලියාපදිංචි විය යුතු ආකාරය පිළිබඳ නිවේදනයක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. එම අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් විසින් ලබා දී ඇති https://tinyurl.com/85unba68 යන සබැඳිය ඔස්සේ තම ඉන්ධන අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි.  

(0)Comments | March 18, 2026 1:53 pm

මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාවට ඉහළම තර්ජනය ඇති මුදල් විශුද්ධිකරණ මාර්ගය ලෙස හඳුනා ගැනේ

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ 2024/25 වසර සදහා වන ජාතික අවදානම් ඇගැයීමේ සංක්ෂිප්ත වාර්තාව නිකුත් කරයි රාජ්‍ය සංවිධාන, නියාමන ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන 86ක සහයෝගීත්වය ඇති ව ශ්‍රී ලංකාව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ ජාතික…

(0)Comments | March 18, 2026 12:50 pm

British Airways 2026 ශීත සෘතුවේ සිට ලන්ඩන් – කොළඹ නව ගුවන් ගමන් අරඹයි

බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම ගුවන් සේවා සමාගමක් වන British Airways ගුවන් සේවය 2026 වසරේ ශීත ඍතුව සඳහා තම ගුවන් සේවා ජාලය තව දුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් සිය නව ගමනාන්ත ලෙස නම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ශ්‍රී ලංකාවේ කොළඹ යි. ඒ අනුව මෙම British Airways ගුවන් යානා ඔක්තෝබර් 23 වන දා සිට London…

(0)Comments | March 18, 2026 12:42 pm

Fuel Pass සඳහා වාහන ලියාපදිංචි කිරීමේ සහාය දැන් WhatsApp ඔස්සේ

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයන්ට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සිය සහාය ලබාගත හැක. 076 000 1919 යන WhatsApp අංකය වෙත ඔබගේ වාහන අංකය (Vehicle Number) ටයිප් කර…

(0)Comments | March 18, 2026 12:22 pm