July, 1, 2026
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (01) දින ආරම්භය ප්‍රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය පෙරවරු 11.00ට ආරම්භ විය.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, වසර 15කට වඩා වැඩි කාලයක් අක්‍රීය තිබූ මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් අත්හිටුවීමට ගත් පියවර ක්‍රියාත්මක කිරීමේ දී සක්‍රීය ගිණුම් කිහිපයක් ද ඒ සමඟින් අත්හිටුවා ඇති බව වාර්තා වීමත් සමඟම එය නිවැරදි කිරීම සඳහා මෙලෙස අද දින වෙළෙඳපොළ ආරම්භය ප්‍රමාද කළ බවයි.
Video Story