කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹීම ප්‍රමාද වෙයි

    July, 1, 2026

    අද (01) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය ආරම්භය ප්‍රමාද වී තිබේ.

    මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ‘ කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස අද දිනයේ ගනුදෙනු ආරම්භය ප්‍රමාද වී ඇති බවයි.