July, 2, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ.
2026 ජූනි 15 දිනැති, අංක 02-06-2026 දරණ මධ්‍යම තැන්පතු ක්‍රම චක්‍රලේඛයට අනුව, වසර 15කට වැඩි කාලයක් අක්‍රීයව පැවති මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් අත්හිටුවීමට මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් 2026 ජූනි 30 වන දින පියවර ගන්නා ලදී.
ඉහත සඳහන් කළ ගිණුම් අත්හිටුවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී, දැනට සක්‍රීය මට්ටමේ පවතින ඇතැම් මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් ද අතපසු වීමකින් අත්හිටුවීමට ලක්ව ඇත.
ඊයේ (01) දින පූර්ව ගනුදෙනු සැසියේදී මෙම ගැටලුව හඳුනාගත් අතර, ඒ අනුව, එලෙස සක්‍රියව පැවති මධ්‍යම තැන්පතු ගිණුම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෙළඳපොළ වෙන්දේසි කැඳවුම් සැසිය දීර්ඝ කිරීමට පියවර ගන්නා ලදී.
ඒ අනුව, සාමාන්‍ය ගනුදෙනු කටයුතු පෙරවරු 11.00ට ආරම්භ විය.
ගනුදෙනු ඇරඹීම ප්‍රමාද වීම හේතුවෙන් සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු. විධිමත් හා සාධාරණ වෙළෙඳපොළක් සහතික කිරීම සඳහා මෙලෙස වෙළෙඳපොළ වෙන්දේසි කැඳවුම් සැසිය දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය විය.
Video Story