කොටස් වෙළෙඳපොළ අද ඒකක 98කින් පහළට

    July, 6, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකට ඒකක 98.08කින් පහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 27.17කින් පහළ ගියේය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,080.65ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,167.05ක් ලෙසත් වාර්තා වුණි.

    රු. බිලියන 1.35ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

    වින්ඩ්ෆෝස් පීඑල්සී හි කොටස් මිලියන 7.6ක් එකක් රු. 40.00 බැගින් ගිවිසාගනු ලැබූ ගනුදෙනු ලෙස අද දින හුවමාරු වූ අතර දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය ඒ හරහා වින්ඩ්ෆෝස් පීඑල්සී වෙතින් ලැබී තිබුණි. සමස්තයක් ලෙස රු. මිලියන 372ක වටිනාකමකින් යුතු වින්ඩ්‍ෆෝස් කොටස් ප්‍රමාණයක් අද දින ගනුදෙනු විය. මීට අමතරව රු. මිලියන 100 ඉක්මවා පිරිවැටුමක් වාර්තා වී තිබුණේ සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ කොටස් ගනුදෙනු හරහා  පමණි. එම අගය රු. මිලියන 112ක් ලෙසින් සටහන්ව තිබුණි.