දරිද්‍රතා රේඛාව තවත් ඉහළට

    July, 6, 2026

    2026 මැයි මාසයට අනුව මෙරට දරිද්‍රතා රේඛාව රු. 17,315ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2026 අප්‍රේල් මාසයේ දී මෙම අගය රු. 17,117ක් ලෙසින් වාර්තා විය.

    දරිද්‍රතා රේඛාව යනු පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හෙවත් දරිද්‍රතාවයට පත් නොවී සිටීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදලයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට නිල දරිද්‍රතා රේඛා සටහන පිළියෙල කරනු ලබන අතර ඔවුන් පවසන්නේ මැයි මාසයේ ජාතික පාරිභා්ගික මිල දර්ශකයට අනුව උද්ධමනය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම, මෙලෙස මැයි මාසයේ දරිද්‍රතා රේඛාව ඉහළ යාමට හේතු වී ඇති බවයි.

    ජාතික අගයයක් ලෙසින් දක්වා ඇති මෙම දරිද්‍රතා රේඛාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙන අතර සුපුරුදු පරිදි 2026 මැයි මාසයේ දීද ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම අගය රු. 18,675ක් ලෙසින් සටහන්ව ඇත. අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 16,556ක් වේ.