Infinity Rover (Pvt) Ltd, තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් – මහ බැංකුවෙන් දැනුම් දීමක්

    July, 1, 2026

    තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

    1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව Infinity Rover (Pvt) Ltd” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

    1. Tiens Lanka Health Care (Pvt) Ltd
    2. Best Life International (Pvt) Ltd
    3. Mark – Wo International (Pvt) Ltd
    4. V M L International (Pvt) Ltd
    5. Global Lifestyle Lanka (Pvt) Ltd
    6. Fast3Cycle International (Pvt) Ltd
    7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
    8. OnmaxDT
    9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
    10. Fastwin (Pvt) Ltd
    11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
    12. Ride to Three Freedom (Pvt) Ltd
    13. Qnet/ Questnet
    14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
    15. Ledger Block
    16. Isimaga International (Pvt) Ltd
    17. Beecoin App and Sunbird Foundation
    18. Windex Trading
    19. The Enrich Life (Pvt) Ltd
    20. Smart Win Entrepreneur (Pvt) Ltd
    21. Net Fore International (Pvt) Ltd./ Netrrix
    22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
    23. SGO/sgomine.com
    24. C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
    25. Infinity Rover (Pvt) Ltd