Top News

2025 දී කොටස් වෙළෙඳපොළේ 41.89%ක සුවිශේෂී වර්ධනයක්

2025 වසරේ අවසාන ගනුදෙනු දිනය ලෙසින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, අද (31) දින අවසන් වූයේ දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ 178.42 ක ඉහළ යාමක් වාර්තා කරමිනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,624.31 ක් ලෙසින් සටහන් විය. සියලු කොටස් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ…

(0)Comments | December 31, 2025 4:31 pm

අඛණ්ඩව තුන්වෙනි මාසයටත් කොළඹ උද්ධමනයේ වෙනසක් නැහැ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී ද 2.1%ක් ලෙස නොවෙනස්ව පවතින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2025 ඔක්තෝබර්. නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුනටම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2.1% ක් ලෙසින් සටහන්ව ඇත. 2025 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ…

(0)Comments | December 31, 2025 4:16 pm

වසර ගණනාවකට පසු සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්ක අභිබවයි

නිලධාරීන්ගේ කැපවීම සහ දූෂණයෙන් තොර වැඩපිළිවෙළ ඊට ඉවහල් වුණා – සුරාබදු කොමසාරිස් ජනරාල් රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතුයි – ජනපති රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතු බවත්, රට තුළ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ගොඩනැගීමේදී රාජ්‍ය අදායම් උපයා දෙන ප්‍රධාන ආයතනවලට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර…

(0)Comments | December 31, 2025 10:46 am

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම 2025 වසරේදී

අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදායමක් කැප වූ සැමට ස්තූතියි. එක්ව වැඩ කරමු – රට වෙනස් කළ හැකියි.  මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණයි – ජනපති වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත්ව…

(0)Comments | December 31, 2025 9:52 am

රේගු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක අභිබවමින් බිලියන 300ක අතිරික්තයක් ද සමඟ 2026 වසරට පිවිසීමට සැරසෙයි

“රේගු දෙපාර්තමේන්තුව 2026 වසරට පිවිසෙන්නේ ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 300ක පමණ අතිරික්තයක් ද සමඟයි” – ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් “රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට රේගුව ලබා දුන් දායකත්වයට ස්තූතියි. නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු” – ජනපති ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව…

(0)Comments | December 31, 2025 8:51 am

කොටස් වෙළෙඳපොළ අද ලොකු පිම්මක් පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි කැපීපනෙන වර්ධනයක් අද (30) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 313.56කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,445.89ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 73.56කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,111.35ක් ලෙසින් වාර්තා වුණි. රු. බිලියන 3.42 ක ගනුදෙනු…

(0)Comments | December 30, 2025 4:28 pm

රාමසාන් උපවාස සමයේ නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා බදු සහන

රාමසාන් උපවාස සමයේදී ඉස්ලාම් බැතිමතුන් විසින් විශේෂයෙන් ආහාරයට ගනු ලබන රටඉඳි, ඔවුන්හට නොමිලයේ බෙදා හැරීම සඳහා වාර්ෂිකව රාජ්‍යතාන්ත්‍රිකව, සංවිධාන මට්ටමෙන් සහ පුද්ගල මට්ටමින් පරිත්‍යාග හෝ ත්‍යාග වශයෙන් ලබාදෙනු ලබන අතර, ඒවා විදේශ විනිමය වැය නොවන පදනමින් මෙරටට ආනයනය කළ යුතුව ඇත. මෙවර රාමසාන් උපවාස සමය 2026-02-19 වන දින ආරම්භ වී 2026-03-21 වන දිනෙන් අවසන් වීමට…

(0)Comments | December 30, 2025 4:17 pm

කටුනායක පිටවීමේ පර්යන්තයට ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක්

සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය හා ජපාන රජය අතර එළඹ ඇති සහයෝගිතා ගිවිසුම අනුව, යෙන් මිලියන 1,170ක ජපන් ආධාර මත ‘නිරිත දිග ආසියාවේ රටවල්වලට දේශ සීමා ආශ්‍රිත බෝවන රෝග පාලනය සඳහා පෙර සූදානම’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් ජාත්‍යන්තර භාවිතයන්ට අනුව වැඩිදියුණු කිරීමේ කටයුතු 2023 වර්ෂයේ සිට ආරම්භ කර ඇත. ඒ යටතේ…

(0)Comments | December 30, 2025 4:11 pm

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් වෙනුවෙන් ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය‘ හඳුන්වාදෙයි

පොලිය 3%යි. ගෙවන්න මාස 06ක සහන කාලයක් සහිතව වසර 03ක් ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ‘RE-MSME – ආපදා සහන’ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන්ට මාස…

(0)Comments | December 30, 2025 4:08 pm

‘සහස්යා‘ ඈවරයි

පවතින අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම, ඒවා තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ක්‍රම තීරණය කිරීම සහ පිරිවැය අවම කිරීම උදෙසා නවීන තාක්ෂණයන් භාවිත කිරීම ආදී අරමුණු සහිතව සහස්යා ආයෝජන සමාගම පිහිටුවීම සඳහා 2020-10-12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් සහ කළමනාකරණය සහස්යා ආයෝජන සමාගම වෙත පැවරීම…

(0)Comments | December 30, 2025 2:57 pm