June, 23, 2026
එකතු කළ අගය මත බද්දට (VAT) යටත් වන සීමාව රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩුකිරීම සඳහා 2026 අයවැය මගින් සිදුකර තිබූ යෝජනාව ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එලෙස වැට් බදු සඳහා යටත්වන සීමාව අඩු නොකළ ද මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැට් බද්ද සඳහා ලියාපදිංචි වීම වැදගත් බවයි. එබැවින් වැට් බද්දට යටත් සීමාවට පහළින් සිටිය ද ස්වෙච්ඡාවෙන් ඒ සඳහා ඔවුන්ට ලියාපදිංචි විය හැකි බව ඔහු පැවසීය.
“ඉදිරියටත් මිලියන හැටේමයි තියෙන්නේ වැට් බදු අයකරන සීමාව. නමුත් කෙනෙකුට අවශ්‍ය නම් Threshold එකෙන් පහළ තිබුණත් තමන්ට ඇවිල්ලා වැට් බද්ද සඳහා ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා“, යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Video Story