June, 19, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) දිනයේ දී ඒකක 74.83ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,361.31ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය සලකා බැලීමේ දී ඒකක 11.48ක පහළ යාමක් වාර්තා වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 6,215.30ක් වශයෙනි. රු. බිලියන 1.87ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.
සමස්තයක් ලෙස අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූවද සතියේ අනෙකුත් දින 4 පුරාවටම ධනාත්මක වර්ධනයන් වාර්තා කර තිබීම කැපීපෙනේ. එහිදී පූර්ව සතිය අවසානයේ දී ඒකක 21,637.43ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය මෙම සතිය අවසන් වන විට ඒකක 22,361.31ක් දක්වා ඒකක 723.88ක වර්ධනයක් අතපත් කර ගැනීම සාධනීය තත්ත්වයකි.
එසේම පසුගිය සතිය තුළ වාර්තා වී තිබුණු රු. බිලියන 10.10ක පිරිවැටුම හා සැසඳීමේ දී 52%ක වර්ධනයක් වාර්තා කරමින් මෙම සතියේ දී රු. බිලියන 15.41ක සමස්ත පිරිවැටුමක් වාර්තා වී තිබීම සුවිශේෂී තත්ත්වයක් වේ.


Video Story